Search This Blog

About Me

My photo
I'm Arosha samarasekara.Im student.

Wednesday, November 16, 2016



බුදු දහම විශ්ව දහමයි එහි කිසිදු පටු සීමාවක් නැත. එය සියලු සත්වයින් විෂයෙහි සාධාරණ ය . සුත්ත නිපාතයට අයත් මෙත්ත සූත්‍රයේ සදහන්",මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවං සබ්බ භූතේසූ මානසං භාවයේ අපරිමාණං " යන්න වැදගත් වන්නේ එහෙයිනි.  එහෙවු පතල කරුණා මෛත්‍රීයක් ඇති බුදු දහමේ පහස ලැබූවන් ලෙස පටු සීමා අතික්‍රමණය කරමින් පා තැබිය යුත්තේ බොදු මගටයි. බොදුමග නම් අනෙකක් නොව සීමා බන්ධන බිද දැමීමමය. එහි බුදුන් වැඩ සිටින්නේ ය. බුද්ධ දැකීමට නම් දහම ප්‍රායෝගිකව ජීවිතයේ අද්දැකීමට උත්සුක විය යුතුය. මෙහි දහම යනු ගොතන භක්තිමත්වී සිදුකරන පූජාදියෙන් දක්නා දහම නොවේ. සිතින් දක්නා 'බුද්ධ' ය. බුදුන් දැක්ක කල පටු සීමාවලින් සිරවීමට වුවමනාවක් නැත. එහු බැදුම් වලින් නිදහස් වෙයි. නිදහස්වීමේ ප්‍රීතිය ප්‍රකට  කරන්නේ මුහුණෙනි. මෛත්‍රීයෙනි. සිනහවෙනි. අන් අයට උපකාර කිරීමෙනි. ඊර්ශ්‍යා නොකර අන් සැපතෙහි සතුටු වෙමිනි. දුකට සැපට දෙකට උපේක්ෂා වෙමිනි. එහි 'බුද්ධ' වැඩසිටිනවා ඇත. ඉන් මෙහා කිසි පටු සීමාවන් ඇති දුකට පත් සිතකට බුදුන් නොවඩින්නේම ය. දුක නැතිව සතුටින් සිටින්න යැයි දේශනා කරන්නේ එහෙයිනි. මෛත්‍රීය කළ හැක්කේ දුකක් නැති ශෝකයක් නැති කිසි පසුතැවීමක් නැති නිතර සතුටින් පිරුණු සිතකට පමණකි. මව් කෙනෙකුන්ගේ ගුණය විශේෂ වෙයි. එය පිළිගත නොහැක්කේ නම් හේ මිසදිටුවකු බව කියැවෙයි. මව් සිය එකම දරුවා කෙරෙහි යම් සේ කරුණාවෙන් රක්නේ ද දිවි පරදුවට තැබීම ද විය හැකිය. එමෙන් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රීය පැතිරවීමට නම් පටු අදහස් හළ යුත්තේම ය.බුදුන් කීවාය කියා හෝ අසවල් පොතේ තිබුණාය කියා හෝ පරම්පරාවෙන් ආ නිසා හෝ ආදී වශයෙන් කාලාම සූත්‍රයේ ආ පරිදි ගැට වලට හසු නොවිය යුතුය.  යමක් තේරුම් ගත හැක්කේ එවිටයි. එය තමන්ට ගැලපෙනවා යනු ඒ ගැට වලට ගැලපීමක් නොවේ. සිතට එකග බව තමා තුළින්ම දැක්මකි. නමුත් අප මෙවැනි අදහසක් ප්‍රකාශ කළේ ඇයි? යන්න ඔබට සිකෙනවා ඇති. ඊට හේතුව බුදුරදුන්ටත් වඩා බුද්ධත්වයේ අයිතිය ගත්තවුන් මෙන් සිය ආගම හෝ ජාතිය හෝ කුලය නිලය ආදී වෙනත් බාහිර දෙයක් ඉදිරියට දමා එයම තමන් බෞද්ධයකු බවට පත්වීමට හේතුවන බව පෙන්වීමට තරම් නූගත් සමාජයක් අද විද්‍යමාන වන බැවිනි. මත තම නැණ පමණින් දැක්ක යුතු දහමක කෙසේ නම් අයිතිකරුවන් සිටී ද? එහි අයිතිය සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත පතුරවන්නාටමය. මෙය අපගේ වසර දෙදහස් ගණනක සිට සංස්කෘතිය විසින් රැගෙන ආ බුද්ධ ඇදහිල්ල තුළ ද විශේෂයෙන් එන කරණීය මෙත්ත සූත්‍රයෙහි සදහන් එකක් බව මෙහි අප විසින් සිහිපත් කරගත යුත්තේ එහෙයිනි. නමුත් ඇත්තේ අවසන යුගයෙන් යුගයට ඒමේදී ඇදහිල්ල ඉතිරිවී කළ යුත්ත බැහැරවීමකි.  නමුත් 'බුද්ධ' වැඩ සිටින්නේ කළ යුත්ත තුළ මිස ඇදහිල්ල තුළ නොවේ. ඇදහීම ආගමික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මිනිසා බුද්ධිය පසෙකට දැමීමත් තමන් පහත් කරගැනීමත් නිතොර සිදුවන බුද්ධ දේශනයට අනුකූල නොවූ ග්‍රාම්‍ය පිළිවෙතක් වන නමුත් අනුගමනය කිරීම, හෝ  'බුද්ධ' අනුවයාම යනු සියල්ල සම සිතින් සම මෙතින් දැකීමට තමා මෙහෙයවීමක්ම වන බව අපගේ කල්පනාවයි. අප සමාජය සතුටින් එකිනෙකා දෙස කිරි හා දිය මෙන් එක්ව සිනා මුසු මුහුණින් ප්‍රියමනාප ලෙස හැසිරීමට නම් බමුණන්ගේ බුද්ධාගමත් බමුණන් අනුව භේද සදන නාමික බුද්ධාගම්කාරයිනුත් අනුව නොව 'බුද්ධ' අනුව යා යුතුය. බුද්ධානුශාසනය ප්‍රායෝගික කළ යුතු ය. එවිට  අප සමාජය තුළින්ම නැවත 'බුද්ධ' පද්මයක් සේ මතුවනු ඇත.

සටහන  - අරෝෂ පද්මනාථ සමරසේකර

No comments:

Post a Comment