Search This Blog
About Me
Wednesday, November 16, 2016
බුදු දහම විශ්ව දහමයි එහි කිසිදු පටු සීමාවක් නැත. එය සියලු සත්වයින් විෂයෙහි සාධාරණ ය . සුත්ත නිපාතයට අයත් මෙත්ත සූත්‍රයේ සදහන්",මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවං සබ්බ භූතේසූ මානසං භාවයේ අපරිමාණං " යන්න වැදගත් වන්නේ එහෙයිනි. එහෙවු පතල කරුණා මෛත්‍රීයක් ඇති බුදු දහමේ පහස ලැබූවන් ලෙස පටු සීමා අතික්‍රමණය කරමින් පා තැබිය යුත්තේ බොදු මගටයි. බොදුමග නම් අනෙකක් නොව සීමා බන්ධන බිද දැමීමමය. එහි බුදුන් වැඩ සිටින්නේ ය. බුද්ධ දැකීමට නම් දහම ප්‍රායෝගිකව ජීවිතයේ අද්දැකීමට උත්සුක විය යුතුය. මෙහි දහම යනු ගොතන භක්තිමත්වී සිදුකරන පූජාදියෙන් දක්නා දහම නොවේ. සිතින් දක්නා 'බුද්ධ' ය. බුදුන් දැක්ක කල පටු සීමාවලින් සිරවීමට වුවමනාවක් නැත. එහු බැදුම් වලින් නිදහස් වෙයි. නිදහස්වීමේ ප්‍රීතිය ප්‍රකට කරන්නේ මුහුණෙනි. මෛත්‍රීයෙනි. සිනහවෙනි. අන් අයට උපකාර කිරීමෙනි. ඊර්ශ්‍යා නොකර අන් සැපතෙහි සතුටු වෙමිනි. දුකට සැපට දෙකට උපේක්ෂා වෙමිනි. එහි 'බුද්ධ' වැඩසිටිනවා ඇත. ඉන් මෙහා කිසි පටු සීමාවන් ඇති දුකට පත් සිතකට බුදුන් නොවඩින්නේම ය. දුක නැතිව සතුටින් සිටින්න යැයි දේශනා කරන්නේ එහෙයිනි. මෛත්‍රීය කළ හැක්කේ දුකක් නැති ශෝකයක් නැති කිසි පසුතැවීමක් නැති නිතර සතුටින් පිරුණු සිතකට පමණකි. මව් කෙනෙකුන්ගේ ගුණය විශේෂ වෙයි. එය පිළිගත නොහැක්කේ නම් හේ මිසදිටුවකු බව කියැවෙයි. මව් සිය එකම දරුවා කෙරෙහි යම් සේ කරුණාවෙන් රක්නේ ද දිවි පරදුවට තැබීම ද විය හැකිය. එමෙන් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රීය පැතිරවීමට නම් පටු අදහස් හළ යුත්තේම ය.බුදුන් කීවාය කියා හෝ අසවල් පොතේ තිබුණාය කියා හෝ පරම්පරාවෙන් ආ නිසා හෝ ආදී වශයෙන් කාලාම සූත්‍රයේ ආ පරිදි ගැට වලට හසු නොවිය යුතුය. යමක් තේරුම් ගත හැක්කේ එවිටයි. එය තමන්ට ගැලපෙනවා යනු ඒ ගැට වලට ගැලපීමක් නොවේ. සිතට එකග බව තමා තුළින්ම දැක්මකි. නමුත් අප මෙවැනි අදහසක් ප්‍රකාශ කළේ ඇයි? යන්න ඔබට සිකෙනවා ඇති. ඊට හේතුව බුදුරදුන්ටත් වඩා බුද්ධත්වයේ අයිතිය ගත්තවුන් මෙන් සිය ආගම හෝ ජාතිය හෝ කුලය නිලය ආදී වෙනත් බාහිර දෙයක් ඉදිරියට දමා එයම තමන් බෞද්ධයකු බවට පත්වීමට හේතුවන බව පෙන්වීමට තරම් නූගත් සමාජයක් අද විද්‍යමාන වන බැවිනි. මත තම නැණ පමණින් දැක්ක යුතු දහමක කෙසේ නම් අයිතිකරුවන් සිටී ද? එහි අයිතිය සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත පතුරවන්නාටමය. මෙය අපගේ වසර දෙදහස් ගණනක සිට සංස්කෘතිය විසින් රැගෙන ආ බුද්ධ ඇදහිල්ල තුළ ද විශේෂයෙන් එන කරණීය මෙත්ත සූත්‍රයෙහි සදහන් එකක් බව මෙහි අප විසින් සිහිපත් කරගත යුත්තේ එහෙයිනි. නමුත් ඇත්තේ අවසන යුගයෙන් යුගයට ඒමේදී ඇදහිල්ල ඉතිරිවී කළ යුත්ත බැහැරවීමකි. නමුත් 'බුද්ධ' වැඩ සිටින්නේ කළ යුත්ත තුළ මිස ඇදහිල්ල තුළ නොවේ. ඇදහීම ආගමික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මිනිසා බුද්ධිය පසෙකට දැමීමත් තමන් පහත් කරගැනීමත් නිතොර සිදුවන බුද්ධ දේශනයට අනුකූල නොවූ ග්‍රාම්‍ය පිළිවෙතක් වන නමුත් අනුගමනය කිරීම, හෝ 'බුද්ධ' අනුවයාම යනු සියල්ල සම සිතින් සම මෙතින් දැකීමට තමා මෙහෙයවීමක්ම වන බව අපගේ කල්පනාවයි. අප සමාජය සතුටින් එකිනෙකා දෙස කිරි හා දිය මෙන් එක්ව සිනා මුසු මුහුණින් ප්‍රියමනාප ලෙස හැසිරීමට නම් බමුණන්ගේ බුද්ධාගමත් බමුණන් අනුව භේද සදන නාමික බුද්ධාගම්කාරයිනුත් අනුව නොව 'බුද්ධ' අනුව යා යුතුය. බුද්ධානුශාසනය ප්‍රායෝගික කළ යුතු ය. එවිට අප සමාජය තුළින්ම නැවත 'බුද්ධ' පද්මයක් සේ මතුවනු ඇත.
සටහන - අරෝෂ පද්මනාථ සමරසේකර
Monday, April 11, 2016
__විවාහ ජීවිතය පිළිබද බෞද්ධ ඉගැන්වීම___ 01
විවාහ ජීවිතය යනු සමාජගත පුද්ගලයා හා බැදි අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස මානව වර්ගයාගේ ආරම්භක යුගයෙහි සිටම කතා කළ තේමාවකි. විවාහය ලිංගික අවශ්‍යතා මුල්කර ගනිමින් සමාජයක් තුළ ඇතිවන ආකාරයත් පවුල් සංස්ථාවේ මූලාරම්භය විවාහ ජීවිතය පදනම් කරගනිමින් ප්‍රභවය වන ආකාරයත් දික් සගියෙහි අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පැහැදිලි වෙයි. තවද පශ්චාත් කාලීනව ඇතිවන සංකීර්ණ සමාජ සබදතා වටා පදනම් වන සමාජීය ගැටලු සහ සිවිල් සමාජය රාජ්‍යයේ මැදිහත්වීම කෙරෙහි පොදු සම්මතයකට එළඹීමත් සමාජය තුළ නිර්මාණය වූ විවිධ ආයතනයන්, සම්මතයන් සහ සම්ප්‍රදායන් යන සමස්ථයෙහි ප්‍රාරම්භක අවස්ථාව විවාහ ජීවිතය මුල්කර ගනිමින් ඇතිවූ බවට අග්ගඤ්ඤ සූත්‍රගත අතීත ප්‍රවාදය සාක්ෂි දරයි.
ලොවැ පවත්නා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය. එබැවින්ම දුක්ඛ ය. කය වූ කලී දෙතිස් කුණූපයන්ගේ ඓක්‍යයයි. නව දොරින් අසූචි වැගිරෙයි. සකල කාමාශ්වාදයන්ගේ ආවසානික ප්‍රතිඵලය සාංසාරික පැවැත්ම තුළ තෙරක් නොපෙනෙන භයංකාර දුක්ඛයන් ජනිත කිරීමය. එහෙයින් කවර සොම්නසක්ද? කවර සිනාවක්ද? යනුවෙන් සියලු සංඛත ධර්මයන්ගේ අනිත්‍ය බව අවධාරණය කරනා ස්ථවිරවාදී බුදු සමය තුළ කයෙහි යථාතත්වාවබෝධය සහ පංචකාමයෙහි නිරර්ථක අරුත්සුන් බවම නිර්වාණාභිසමය පිණිස නිර්දේශ කරයි. මෙසේ පංචකාමයන්ගේ ආදීනවය මෙනෙහි කිරීමම උගන්වන බුදු සමය විරාගී චරණයත් අනගාරික වූ නෛෂ්ක්‍රම්‍ය ජීවිතයත් වර්ණනා කරන අතර ලෞකිකවූ පංචකාම වින්දන සහිත සාංසාරික පැවැත්මට අනුබල දෙන පුහුදුන් වූ කාමපරිදාහයන්ගෙන් බැදුණු බ්‍රහ්මචර්යාවාසයට ඉදුරාම ප්‍රතිවිරුද්ධ වූ සරාගී කල්පනාවන්ගෙන් පිරුණු විවාහ ජීවිතය මුලිනුපුටා බැහැර කළ යුත්තක් ලෙස නොසලකා ඒ තුළ සදාචාර පිළිවෙත් දේශනා කිරීම මූලික දාර්ශනික පදනමත් සමග විසංවාදී නොවන්නේදැයි යමෙකුට විමතිය පිණිස හේතුවන්නට ඉඩ තිබේ. නමුත් අප තේරුම්ගතයුතු කාරණය වන්නේ සමාජ සංස්කෘතික යථාර්ථයන් නොඉක්මවමින් සාධු සම්මත යම් සදූපදේශ පද්ධතියක් ඇත්නම් ඒවා කෙරෙහි උපේක්ෂා සහගතව බලා පරම නිෂ්ටාව වෙත පුද්ගල ජීවිත හැසිරවීමක් බුදු සමයෙහි විද්‍යමාන වන බවයි. අන්තවාදීව ආගමික සම්ප්‍රදායන්හි පුද්ගල ජීවිතය බැද තැබීමක් හෝ එවන් නෛතික පැනවීම් කිසිවකින් දෘෂ්ටිවාදයක් වෙත පුද්ගලයාට බලකිරීමක් බුදු සමයෙහි නොමැති බවයි. අනෙක් අතින් සමාජගත දුක් සංසිදවනු වස් පරම නිෂ්ටාව සාක්ෂාත් කළ සබ්‍රහ්මචාරීන් ධර්ම චාරිකාවෙහි යෙදුන බවක් පෙනෙයි. ඒ අනුව නෛක්‍රම්‍ය ජීවිතය හිමි පැවිද්දාට මිස ගිහි ජනයාට නොවේ. බුදුරදුන් ශාසනික කාර්යාවලිය තුළ සිව්වනක් පිරිසගේම දායකත්වය අපේක්ෂා කළේ ද මෙකී යථාර්ථය තුළ බහු ජනතාවගේ හිත සුව පිණිසම ය. මේ චතු පිරිසගේ සක්‍රීය අන්‍යෝන්‍ය එකගතාවක් නොමැතිව සසුනෙහි පරමාර්ථ සාධනය කර ගැනුම දුෂ්කර මෙන්ම ප්‍රායෝගික නොවන්නක් බව පෙනෙන නිසාම සිව්වණක් පිරිසෙහි එකගබව බුදුරදුන් අපේක්ෂා කළ බව අපගේ පිළිගැනීමයි. තවද සියලු මනුෂයින් කාමයේ ප්‍රතිඵලයන්ය යන්න බුදු සමයේ පිළිගැනීමයි. ලොවැ කර්මානුරූපව ඕපපාතිකව පහළවන ඇතැම් සත්ව කොටසක් හැරෙන්නට මනුෂ්‍යයින් පහළ වන්නේ දෙමව්පියන් නිසාම වෙයි. ලොවට බුදුවරයකුගේ පහළවීම සිදුවන්නේද කාමයේ ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රාවක සංඝයා ද එවැනිම කාමයේ ප්‍රතිඵලයන්ම වෙයි. ලොවැ සියල්ලන්ම එකවර විමුක්තිය ලැබෙතැයි යන පරමාදර්ශය බුදු සමය පිළිනොගන්නා අතර සීමිත පිරිසක් නෛක්‍රම්‍ය ජීවිතයට ඇතුළත්වී විමුක්තිය සාක්ෂාත් කරගනු ලබයි. එවැන්නන් ලොවැ යථා ස්වරූපය දැක ප්‍රඥා මූලිකව සසර බිය දක්නා අයයි. හැම කෙනෙක්ටම එලෙස සංවේදී විය නොහැකි අතර ඒ සදහා සම්පූර්ණ කළ යුතු පාරමිතා ශක්තියක් අවශ්‍ය වෙයි. එසේම පැවිද්ද අභ්‍යාවකාශය මෙන් ද භික්ෂුව එහි ඒමේ අත පියාසර කරන පක්ෂියකු මෙන් ද බුදු සමය පෙන්වා දෙන අතර ගිහි ගෙය නිර්වාණාපේක්ෂකයාට සම්බාධ සහිත තැනක් ලෙස හදුන්වයි. විවාහ ජීවිතය පිළිබද බෞද්ධ ඉගැන්වීමක් අවශ්‍යවන්නේ ජීව විද්‍යාත්මක පදනමක වන ලිංගික ජීවිතය පිළිබද ඉගැන්වීමක් ලෙස නොව විවාහ ජීවිතය හා බැදි සාර ධර්ම තුළින් වඩා යහපත් සමාජ බන්ධනයක් පුද්ගල ජීවිතයට එක් කිරීමටයි. මන්ද ප්‍රව්‍රජිතයා මෙන්ම ගිහියාද යම් ධාර්මික පැවැත්මක් මත නිර්වාණගාමී මග යායුතු බව බුදු සමයේ පිළිගැනීම වන බැවිනි. අනෙක් අතින් අවිවාහික තනිකඩයාගේ පැවැත්ම සමාජ සදාචාරයට නොගැලපෙන්නක් වන බැවිනි. වගකීමෙන් තොර සමාජ පැවැත්මට බුදු සමය අකමැති වන අතරම වගකීම් සහගත ධාර්මික විවාහ ජීවිතය ප්‍රශංසාවට ලක්කරයි. මක්නිසාදයත් ප්‍රව්‍රජිත සමාජය බිහිවන්නේ මහා සමාජය වන ගෘහස්ථ සමාජයෙන්ම වන බැවිනි.
විවාහකයාගේ ධාර්මික පැවැත්ම දෙවියන්ගේ පවා වන්දනයට ලක්වන බව බෞද්ධ ඉගැන්වීමයි. දිනක් සක් දෙවිදු මනුලොව දෙසට හැරී නමස්කාර කරනු දුටු මාතලී රථාචාර්යයා ඊට හේතු විමසූ කල සක් දෙවිදු පැවසුවාය යනුවෙන් සදහන් වන්නේ " ගිහි ජීවිතයක් ගතකරන සිල්වත් ධාර්මිකව භාර්යාව පෝෂණය කරන පිනෙහි යෙදුණු උපාසකයෙක් වේ නම් මා ඔහුට නමස්කාර කරමි" යනුවෙනි. මේ පුරාණ කතාවෙන් උගන්වන බෞද්ධ සදූපදේශය තුළ අවධාරණය කරන්නේ විවාහ ජීවිතය ධාර්මික විය යුතු බවකි. ඒ තුළ සංවරය ඇතිකරගත යුතු බවයි. ආජීවය පාරිශුද්ධවීම පිළිබදවද මෙයින් කියැවෙන බැව් අපට පෙනෙයි. ස්වාමියා විසින් සිය භාර්යාව අධාර්මිකව ලද ධනයෙන් පෝෂණය කරන්නේ නම්, සමාජගත ගැටලු මතු කරයි. එය ඔවුනගේ සොම්නස පවුල් සංස්ථාවෙන් අතුරුදන් කරවීමට හේතුවනු ඇත. සමාජ සාධු සම්මතයන්ට එරෙහිව යන ධනෝපාර්ජනය තුළින් සමාජ සබදතා බිද වැටෙන්නට මෙන්ම සමාජ ගැරහුමට ලක්වීමට හේතුවෙයි. අනෙක් අතින් ස්වාමියා හා භාර්යාව මනා ගැලපීමක් ඇතියවුන් විය යුතුයි. නැතොත් බොහෝ ගැටලු ඇතිවීමට පිළිවන. එබැවින් බුදුසමය විවාහ ජීවිතයකට අත්‍යාවශ්‍යයැයි ශ්‍රද්ධාව, ශීලය, ත්‍යාගශීලී බව සහ ප්‍රඥාවන්ත බව ඇතිකර ගැනීමට උගන්වයි. ඇත්තෙන්ම මේ ගුණ දම් විවාහක යුවලක් තුළ සමානව වර්ධනය වන්නේ නම් එය වූ කලී නක්ෂත්‍ර පොරොන්දම් ගැලපීමකට වඩා ගැඹුරු ආධ්‍යාත්මික ඒකාත්මික බවක් ගොඩනගන්නක් බව අපගේ අදහසයි. එලෙස මේ ගුණ දම් වර්ධනය කරගැනීම තුළ සාංසාරික වශයෙන් ඔවුන්ගේ එකතුවීම කෙරෙහිද බලපෑමක් සිදු කරන බව සිද්ධාර්ථ-යශෝධරා මෙන්ම පිප්ඵලී කුමරුගේ යුග දිවිය වැනි පරමාදර්ශී කතා පුවත් තුළින් පෙන්වා දෙමින් බුදු සමය විවාහ ජීවිතය ගුණ දම් ප්‍රගුණ කිරීමට අවකාශ විවර කළ පුණ්‍ය ක්ෂේත්‍රයක් බව තහවුරු කරයි. ඇත්තෙන්ම ඉහත කී ශ්‍රද්ධාදී ගුණ දම් දෙවියන් අතරට යාම පිණිස උපකාර වන ධර්ම වෙයි. මිනිසාට වඩා පංචකාම සම්පත් දෙවියන් අතර තිබෙන බව බෞද්ධ ඉගැන්වීම වුවද ඒවායේම ඇලී ගැලී සිටින ස්වභාවයක් රහිත සම්‍යග්දෘෂ්ටික දෙවියන් ධර්මය ප්‍රගුණ කරන බවද බුදු සමයේ පිළිගැනීමයි. සෝතාපන්නාදී බුද්ධශ්‍රාවකයින් දෙව්ලොව ඉපිද සිය සාංසාරික ගමනේ අවසානය භාගය පසුකරමින් සිටින නිදසුන් ඕනෑතරම් පෙන්වාදී ඇති බැවැනි. එහෙයින් ස්වාමි-භාර්යා සම්බන්ධය තුළ මිනිසා දේවත්වය දක්වා උසස් කිරීමක් මෙන්ම යහ පැවැත්ම නිසාම දෙවියන්ගේ පවා වන්දනයටත් ප්‍රශංසාවටත් ලක් වන බව බුදු සමයේ පිළිගැනීමයි.
පස්කම් සැප විදීම විවාහයේ එකම පරමාර්ථය විය යුතුය යන තත්කාලීන සමාජයේ පිළිගැනීමට ලක්වූ පශ්චාත් බ්‍රාහ්මණික චින්තනය සමග එකහෙලාම විසංවාදී සදූපදේශ රැසක් බෞද්ධ ඉගැන්වීම තුළ ප්‍රකට කරයි. ඇතැම් විවාහයකදී දෑවැද්ද අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස සැලකුවේ බ්‍රාහ්මණ සම්ප්‍රදායයි. නමුත් බුදු සමය තුළ එවැන්නක් සාකච්ඡාවට ලක් නොවන අතර ගෘහස්ථ සංස්කෘතියේ වැදගත් අංගයක් ලෙස සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය ඉගැන්වීම් රැසක් බුදුසමය පෙන්වාදෙන බව අපගේ අදහසයි. ඒ අනුව වැඩිමනක් බ්‍රාහ්මණ චින්තකයින් නිර්දේශ කළ පරිදි වයසින් වැඩි පිරිමියකු සමග වයසින් ඉතාම අඩු දැරිවියන් පවා මාපිය එකගකාව සහිතව විවාහවීම ගැටලුවක් නොවුණි. නමුත් බුදු සමය ඊට එකග නොවේ. එය වූ කලී විවාහක ජීවිතය පිළිබද යහපත් පූර්වාදර්ශයක් නොවන්නා සේම අන්‍යෝන්‍ය සැකය ඇතිකරවන පිරිහීමට පත් කරවන අසාර්ථක විවාහයක් ලෙස බැහැර කරයි. බුදු සමය අන්‍යෝන්‍ය විශ්වාසය අගය කරයි. "පරම විස්සාසිකා" යන ගෞරව නාමය නකුල මාතා, නකුල පිතා යන දම්පතීන් අරඹයා බුදුරදුන් විසින් ලබා දුන්නේ විශ්වාසය යන්න විවාහක දෙපලකට ප්‍රමුඛ සාධකයක් වන බව ඒත්තුගැන්වීමේ අරමුණින් බව අපගේ අදහසයි. අනෙක් අතින් ගිහියාගේ නිත්‍ය ශීලය ලෙස සැලකෙන පංචශීල ප්‍රතිපදාව තුළ තෙවැනි සික පදය වෙන්වන්නේද විශ්වාසය කඩ නොකොට සදාවාර පිළිවෙතක් විවාහය හා බද්ද කිරීමටයැයි ප්‍රකාශ කළ හැකිය. ඒ අනුව 'ස්වදාර සේවනය' යන්න ගිහියන්ගේ බ්‍රහ්මචර්යාව ලෙස පැරැණි යතිවරු හදුන්වන්නේ එය සංවරශීලී ජීවන මගට බාධාවක් නොවනා නිසාවෙන්ම බව කිව හැකිය. නොකරන්න යැයි අවධාරණය කරන්නේ පරදාර සේවනයයි. ඉන් ප්‍රථමයෙන් තමාගේ නිවස තුළත් දෙවනුව සේවනය කරන්නට යන නිවස තුළත් මේ නිවෙස් දෙක අතරත් ගැටුම් ඇතිවී සමාජ ගැටලු රාශියක් ඇතිකරවන්නක්ම වන බැවිනි. එසේ නොමැතිව ගෘහස්ථ ජීවිතය තුළ ලිංගික අවශ්‍යතාව පැන නොනගින්නේ නම් එය ඉහත කී පිප්ඵලී කුමාරයාගේ කතාවට සමාන නෛෂ්ක්‍රම්‍යය සාංසාරිකව පුරුදු කරමින් පැමිණි දෙපලකගේ යථාර්ථාවබෝධයෙන් සපිරි කලාතුරකින් හමුවන පරමාදර්ශයක්ම විය යුතු බව අපගේ විශ්වාසයයි. එය නොදැමුණු මනැසකට එක එල්ලේ ග්‍රහණය නොවන සියුම් ආධ්‍යාත්මික බැදීමකැයි සැලකීම වඩා උචිතය. නමුත් මහා සමාජය ලෙස ගෘහස්ථ සමාජ ජීවිතයකට එතරම් ගැඹුරු පදනමක් සහිත ප්‍රවාදයක ඇති උපයෝගීතාව අතිශය අල්ප බව අපට හැගීයන්නේය. නමුත් බෞද්ධ ඉගැන්වීම තුළ විවාහ ජීවිතය සම්බන්ධයෙන් ඇතිකරන ශික්ෂාකාමී සදූපදේශයන් වැඩි පිරිසකගේ සහභාගීත්වය ගෘහස්ථ සංස්කෘතිය වීම නිසාම සිදු කළ බව සිතීමද සාවද්‍යය. විවාහ ජීවිතය සදාචාර පිළිවෙත් පූර්ණ කරනු වස් බාධා නොවන තැනක් බව බුදුසමය පිළිගන්නා බැවින් එයට අවශ්‍ය ධාර්මික න්‍යායාත්මක පදනම ගොඩනැගීම පිණිස කටයුතු කිරීම බෞද්ධ ඉගැන්වීම වන බව පිළිගැනීම වඩාත් ප්‍රඥා ගෝචර ය.
ගිහි විනය ලෙස හදුනාගන්නා සිගාලෝවාද සූත්‍රයෙහිද ස්වාමියකු සහ බිරියක විසින් ඉටුකරගත යුතු යුතුකම් දහයක් බුදුරදුන් විසින් දේශනා කර ඇත. එහි බටහිර දිශාවට නම් කර ඇති භාර්යාව කෙරේ ස්වාමියා විසින් ඉටු කළ යුතු යුතුකම් ලෙස බිරිදට ගරු කිරීම,අවමන් නොකිරීම, පර ස්ත්‍රීන් කරා නොයාම, ඉසුරු පවරාදීම, ආභරණාදිය සපයාදීම යන්න දැක්වෙයි. ඒ යුතුකම් වලින් සංග්‍රහ ලබන බිරිද විසින්ද පෙරළා යුතුකම් පහකින් ස්වාමියාට සංග්‍රහ කරයි. ඒ අනුව ගෙදර සියලු කටයුතු මැනවින් ඉටුකිරීම, සැමියාගේ සපිරිවර ජනයාට සංග්‍රහ කිරීම,පර පුරුෂයන් කරා නොයාම, ස්වාමියාගේ ධන සම්පත් ආරක්ෂා කිරීම, සියලු කටයුතු වල දක්ෂව හා අනලස්ව ඉටුකරීම යන යුතුකම් එහි දැක්වෙයි. මෙයින් අපට පෙනෙන්නේ ස්වාමි-භාර්යා සම්බන්ධය තුළ සාර්ථක යහ පැවැත්මක් උදෙසා මේ යුතුකම් පද්ධතිය සක්‍රීය කිරීමෙහි ඇති වැදගත්කමයි. අන්‍යෝන්‍ය ගෞරවය සහ සුහදතාව සුරැකෙන මේ යුතුකම් පද්ධතිය විවාහ ජීවිතයෙහි ගැටුම් ඇතිවීම වලක්වයි. බිරිය නිවසේ සිදුකරන දරුවන්ගේ හා ස්වාමියාගේ කුදුමහත් කටයුතු සැමියාගේ ඇගයීමට ප්‍රශංසාවට ලක් කිරීම ඇයට කරන ගෞරවයකි. අන්‍යයන් ඉදිරියේදී හෝ ඇයට අපහාස වන වචන කතා නොකොට අර්ථ සම්පන්න මෘදු මොලොක් වචනයෙන් සංග්‍රහ කිරීම ද ඇගේ ගෞරවය ආරක්ෂා කිරීමක් මෙන්ම පවුලේ සමගිය සුරක්ෂිත කරන්නක් වන බව අපගේ අදහසයි. බිරිදත් ස්වාමියාත් දෙදෙනාම පරදාර සේවනය කිසිම විටක නොකිරීම පවුල් සංස්ථාව තුළ සාමග්‍රිය සුරක්ෂිතවීමට මෙන්ම සමාජ ගැටලු සහ නූතනයේ බොහෝ කතාබහට ලක්වන සමාජ රෝග වලින් මිදීමට හේතු වන බව ස්ථිරය.එසේම බිරිය සිය නිවසේ ආර්ථිකය පිළිබද අවදිමත් බවකින් මෙන්ම අරපිරිමැස්ම ඇති අයෙකු විය යුතුය. එහෙයින් එවැනි බිරිදකට ස්වාමියා විසින් නිවසේ මුදල් පාලනය පිළිබද අයිතිය ලබාදීමෙහි වරදක් නැත. නිවසේ අඩුපාඩු පිළිබද ස්වාමියාට වඩා අවබෝධයක් ඇත්තේ බෝහෝ විට ගෘහනියටයි. එනිසාවෙන් ඇයට ඉසුරු බාරදීමෙන් පවුලේ ආර්ථික කළමනාකරණය ප්‍රශස්ත වන බව අමුතුවෙන් නොකියමනාය. තවද බිරියට මළ ගෙදරකට මගුල් ගෙදරකට ආදී වශයෙන් ඇදීමට පැළදීමට සුදුසු වස්ත්‍රාභරණ අවශ්‍යය. ස්ත්‍රීන් ඒවාට පුරුෂයිනට වඩා කැමැත්තක් දක්වන බව කිව හැකිය. මේතුළ බුදුරදුන් පවුල් සංස්ථාවෙහි අන්‍යෝන්‍ය සුහදතාව විශයෙහි සියුම් ලෙස අවධානය යොමු කළ බවත් විවාහක ජීවිතය පිළිබද බුදුරදුන් තුළ පැවැති විශිෂ්ට අවබෝධයත් අපට ප්‍රකට වෙයි. විශේෂයෙන්ම තත්කාලීන භාරතීය සමාජයෙහි පැවැති බ්‍රාහ්මණ චින්තනය විසින් බිරිය නිවසෙහි වහලියකගේ තත්වයට ඇද දමමින් ස්වාමියාට භක්තිමත්ව දරුවන් තැනීමත් ස්වාමියාගේ මන දොළ සපුරන්නට ඇති පංචකාම වස්තුවක් ලෙසත් සලකමින් ඇයගේ ගෞරවය මෙන්ම නිදහසේ නිවසේ කටයුතු කෙරේ මැදිහත්වීමේ අයිතිය අහිමිකර තිබූ බව මෙහිදී මතක් කළ යුතු කරුණකි. එවැනි තත්වයක බුදුරදුන්ගේ මේ පැහැදිලි කිරීම් එක් අතකින් විප්ලවීය සමාජ ශෝධනයක් උදෙසා පවුල් සංස්ථව තුළින්ම යථාර්ථවාදී එළඹුමක් ඇතිකරන බව අපගේ පිළිගැනීමයි. නිවසේ කටයුතු කරේ දක්ෂවන ස්වාමියාටත් ඥාති හිතමිත්‍රාදීන්ටත් නිසි ලෙස සංග්‍රහ කරන ස්වාමියා සතු සම්පත් අරපිරිමැස්මෙන් විය පැහැදම් කරන බිරිදක් වෙත ස්වාමියාගේ සම්මානනීය ගෞරවය හිමිවිය යුතු බවට වන තාර්කික යුක්තියක් මේ යුතුකම් අතර වන බව අපගේ විශ්වාසයයි.
විවාපත් වන බිරිය පිළිබද තේරුම්ගැනීමට උගන්වන බෞද්ධ ඉගැන්වීමක් ලෙස 'සප්ත භාර්යාවන්' පිළිබද ඉගැන්වීම ඉතා අගනේය. ඒ අනුව මිතුරකු වැනි බිරිදත් මවක් වැනි බිරිදත් සොයුරියක් වැනි බිරිදත් බුදු සමයේ ප්‍රශංසාවට ලක්වන අතර වධකයකු වැනි බිරිදත් හෙරක් වැනි බිරිදත් අධිපතිනියක වැනි බිරිදත් නොගැලපෙන බව නිර්දේශ කරයි. 'දාස භරියා' යන්න ප්‍රශංසාවට ලක් නොවන අතර ප්‍රතික්ෂේප කරන්නේද නැත. මක්නිසාදයත් ගෘහ කාර්යයන් තුළ ස්වාමියාගේත් දරුවන්ගේත් කටයුතු කිරීමට මැදිහත්වීම තුළ ඇතැම් විට දාසියගේ භූමිකාවට සමාන වන බැවිනි. නමුත් දාසියක් මෙන් හැම කටයුත්තකම හැසිරීමක් එයින් අදහස් නොකරන අතර බුදුසමය ප්‍රායෝගික භාවිතය මිස පරමාදර්ශී හිතානුකම්පාව ඇගයීමට ලක්නොකරන නිසා එසේ විය හැකි බව අපගේ පිළිගැනීමයි. සැමියා මිතුරකු මෙන් ද තවත් විටෙක සොයුරෙකු ලෙසද පියෙකු මෙන් ද දකිමින් හිතානුකම්පීවත් එකිනෙකාට ගෞරවයත් සුහද බවත් ප්‍රකාශ කරමින් දෛනික ජීවිතය තුළ අන්‍යෝන්‍ය ස්නේහවන්ත බවින් සංග්‍රහ කිරීමත් අවශ්‍ය බව බුදු සමයෙහි මග පෙන්වීම බවයි අපගේ අදහස වන්නේ. මෙලෙස යහපත් ගෘහස්ථ ජීවිත ගෙවූ ස්වාමියන් සහ භාර්යාවන් පිළිබද ඕනෑතරම් නිදසුන් බුද්ධකාලීන භාරතයෙන් අපට අසන්නට ලැබෙන නිසාවෙනි. ඒ අනුව අචල ශ්‍රද්ධාවට පත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් පවා සාර්ථක ගෘහ ජීවිත ගතකර අපට ආදර්ශ සපයා ඇත. බිම්බිසාර රජු එවැනි ගිහි සවුවෙකි. අග්‍ර දායකයා වූ කොසොල් රටේ අනේපිඩු සිටුතුමා ද එවැනි නිදසුනකි. අග්‍රදායිකාව ලෙස විශාකාවද බොහෝ දරු සම්පත් ලබා ශාසනික මෙහෙවරක් සිදුකළ උතුම් ආර්ය ශ්‍රාවිකාවක් විය. ඔවුන් ගෘහස්ථ ජීවිතය තුළ බොහෝ පින් කුසල් කොට සිය සාංසාරික ජීවිතය නිමාවන්නට ප්‍රථම තවත් සම්‍යග්දෘෂ්ටික ජීවිත මෙලොවට බිහි කරමින් සසුනට හිත වැඩ සැලසූ උතුම් ආදර්ශයන්ම වන බව අපගේ පිළිගැනීමයි. විශේෂයෙන්ම විශාකාවගේ පියා දුන් අවවාද බෞද්ධ ඉගැන්වීම තුළ ප්‍රශස්ත ලෙස ඇගයීමට ලක් කරන්නේද එහි විවාහ ජීවිතයකට ඇති හරවත් උපයෝගීතාව සැලකීමෙන් බව අපගේ අදහසයි. කෝසල සංයුක්තයෙහි එන 'ධීතු' සූත්‍රයේ බුදුරදුන් දුවකගේ ඉපදීමත් පසුව ඇය විවාපත්වී ශීලවන්ත වූ නැදිමයිලන්ට සලකමින් රටක් දේශයක් පාලනය කිරීමට සුදුසු පුතෙකු බිහිකරන්නේය යන බුද්ධ වචනය මෙවන් සාර්ථක ගෘහ ජීවිත පිළිබද ප්‍රායෝගික වූ නිදර්ශන තුළින් ගම්‍යවන බව අපගේ කල්පනාවයි.
විවාහ ජීවිතය තුළ අන්‍යෝන්‍ය ගැලපීම මත කරන ලද වර්ගකිරීමක් බෞද්ධ ඉගැන්වීමෙහි එයි. ඒ අනුව මළමිනියක් හා මළමිනියක් එක්ව විසීම, මළමිනියක් දෙව්දුවක හා එක්ව විසීම, දේව පුත්‍රයෙක් දෙව්දුවක හා විසීම, දේව පුත්‍රයෙක් මළමිනියක් හා එක්ව විසීම යනුවෙන් දැක්වෙන එම ඉගැන්වීමෙහි 'දේව' යනු සදාචාර සම්පන්න යහපත් චරිත ස්වභාවය අදහස් කරන අතර 'මළ මිනිය' යන්නෙන් අශ්ශීල පැවැත්මක් සහිත වංක බවත් අධාර්මික පහත් යැයි කිව හැකි සදාචාර පිළිවෙත් කඩකරන චරිත ස්වභාවයත් ගම්‍යවෙයි. මෙයින් බුදුසමයේ ඇගයීමට ලක්වන්නේ "දේව පුත්‍රයෙක් දෙව් දුවක හා එක්ව විසීම"යි. අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ සදාචාරවත් ධාර්මික පැවැත්ම තුළ කොයි ආකාරයෙන් විවාහ වුවද ප්‍රඥාපූර්වක අවබෝධයක් ලැබීම තුළ යුග දිවිය සාර්ථක කරගනිමින් දෙමාපිය වැඩිහිටියන්ට කෘතවේදීව සැලකුම් කරමින් සමාජගත ජීවිතය පුණ්‍ය ක්ෂේත්‍රයක් ලෙස දකිමින් ලෞකික ජීවිතය සාර්ථකව ගත කරමින් ආධ්‍යාත්මික නැඹුරුවක් සහිතව ආර්ය මාර්ගයෙහි අවෙච්ඡප්‍රසාදයට පත්ව ස්වර්ගගාමී වීමටත් තාරුණ්‍යය සමාජයේ හිතවැඩ පිණිස යොදවමින් ත්‍රිවිධ ශාසනයාගේ මතු පැවැත්ම උදෙසා අනාගත පරපුරක් බිහිකිරීමටත් බෞද්ධ ඉගැන්වීම් තුළ සදූපදේශයන් ඉදිරිපත් කරන බව අපගේ පිළිගැනීමයි. නූතනයේ ඇතැම් බටහිර සංකල්ප අනුව හැඩගැසුණු බොළද චර්යාවන් විවාහය පිළිබද බෞද්ධ ඉගැන්වීම් හා විසංවාදී වන්නේ ද ගැඹුරු ආධ්‍යාත්මික පදනමක් මත පිහිටා බුදුසමය වෛවාහික සදූපදේශ ඉදිරිපත් කරන බැවිනැයි අපට හැගීයන්නේය. 'ප්‍රේමය' වැනි සංකල්ප නූතනයේ බෞද්ධ සංස්කෘතියට වැරදි ලෙස එක්වීමට උත්සාහ දරන බව අපට නොරහසකි. ප්‍රේමයෙන් මත්වී කාමුක ගුණ මෙන්ම තෙරුවනෙහිද ගුණ ඇතුළත් ගීයක් ගැයූ පංචසිඛව බුදුරදුන් පිළිකෙව් නොකළ අතර ගීයෙහි හා වීනාවාදනයෙහි ගැලපීම ඇගයීමට ලක්කරයි. ප්‍රේමය අර්ථශූන්‍යයැයි ගිහි සමාජයට තහංචි දැමීමක් බුදුසමය සිදු නොකරන බව එයින් අපට පැහැදිලි වෙයි. නමුත් යථාර්ථය ඍජුව පෙන්වන බුදුසමය ප්‍රේමය බියත් ශෝකයත් උපදවන්නක් බව දේශනා කරයි. ස්ත්‍රී පුරුෂයන් අතර නොදැමුණු චෛතසික භාවයන් ඇති කල්හි සරාගී කල්පනාවන් ඇතිවීම වැලැක්විය නොහැකිය. ජීව විද්‍යාත්මකව සිතා බැලුවද තාරුණ්‍යයත් සමාජ පරිසරයත් මේ බන්ධනයට දක්වන්නේ එකග බවක් බව අපගේ අදහසයි. අප මෙහි මුලින් සදහන් කළ අග්ගඤ්ඤ සූත්‍රගත අදහස තුළම විමසුවද ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් දැකීම තරම් රාගය උපදවන, කාමය වෙත බලකරන තවත් දර්ශනයක් නොමැත්තේමය. නමුත් එය සමාජ සම්මත සාරධර්මයන් උල්ලංගනය වන අයුරින් අවිනීතව ප්‍රකාශවීම සමාජ ගැරහුමට ලක්වන්නක් බව ප්‍රසිද්ධියේ මෙවුන්දම් සෙවූ ප්‍රකෘති සමාජයේ ඇතැම් බහුතර පිරිසකගේ ගැරහුමටත් පස්, ගොම, අලු ආදියෙන් දමා ගැසීම පිළිබද පුරාවෘත්තමය ලෝකෝත්පත්ති වංශකතාවෙන් පෙනීයන්නේය. සත්වයාගේ ඒකීයත්වය ජීව විද්‍යාත්මක පදනමක් තුළ පැහැදිලිව පෙනෙන අයුරින් මුලින්ම භේද වන්නේ ස්ත්‍රී සහ පුරුෂ ලෙස බව ඉන් විද්‍යමාන වෙයි. එකී ඒකීයත්වය බරපතල ලෙස බිදවැටීම සත්වයාගේ උදාසීන ක්ලේෂ ධර්මයන් පිබිදීමටත් ලැජ්ජාව සහ භය යන සංවරයෙහිලා පදනම්වන මූල ධර්ම බිදවැටීමටත් හේතුවන බව සූත්‍රගත ප්‍රවාදය පෙන්වාදෙයි. අසද්ධර්මයෙහි බොහෝවෙලාවක් යෙදිය යුතු බවට පැමිණීමත් අසද්ධර්මය වසාලනු පිණිසත් ගෙවල් කරවීය යනුවෙන් සදහන් සූත්‍රගත පාඨයෙන් අපට පෙනෙන්නේ විවාහ ජීවිතය සංවරය මතම ගොඩනැගිය යුතු බවට බුදු සමය අවධාරණය කරනා බවයි. අනෙක් අතින් කාමය එක එල්ලේම බැහැර කරමින් සාංසාරික විමුක්තියක් අපේක්ෂා කළ නොහැකි බහුතරයක් වන ගෘහස්ථ සමාජයේ සාතිශය පිරිසකට ස්වදාර සන්තෝෂය තුළ වඩා යහපත් ධාර්මික සමාජ පදනමක් ගොඩනගාගනිමින් ආගමික වත්පිළිවෙත් සිදුකරගනිමින් උසස් ශික්ෂණයක් සහිත බෞද්ධ සංස්කෘතියක් පිළිබද අපේක්ෂා දැනවීමට බුදුසමය අනුබල දෙන බව අපගේ පිළිගැනීමයි.
(**__විවාහ ජීවිතය පිළිබද බෞද්ධ ඉගැන්වීම__ 01 " යන මැයෙන් වන මෙය ලිපි පෙළක පළමුවැන්නයි. විචාරශීලී ලිපි පෙළක් වන මෙය සංවාදයට විවෘත ය. ඇතැම් මූලාශ්‍ර පාඨ සහ මූලාශ්‍රයන් අන්තර්ගත නොකළේ විස්තරය සංක්ෂිප්ත කරනු රිසියෙනි. අධ්‍යයනයේ යෙදෙන්නන්ට කර ඒ පිළිබද විමසීමට අවකාශ මෙම පිටුව තුළ මාගේ ලිපි සියල්ලටම විවෘතය.)
------- අරෝෂ සමරසේකර -------
Buddhist civilization ගේ ඡායාරූපය

_______භික්ෂු ජීවිතය හා භික්ෂුවගේ කාර්යභාරය_______01
බෞද්ධයාට භික්ෂුවත් සමග ඇත්තේ අවියෝජනීය සබැදියාවකි. ලාංකීය බෞද්ධ සංස්කෘතිය විෂයෙහි භික්ෂු ජීවිතය හා භික්ෂුවගේ කාර්යභාරය ගසට පොත්තත් පොත්තට ගසත් මෙන් එකිනෙක සම්බන්ධ වෙයි. එබැවින්ම භික්ෂු ජීවිතය හා භික්ෂුවගේ කාර්යභාරය පිළිබද විමසීමක් හා නැවත සොයා බැලීමක් අවශ්‍යයැයි අපට හැගී යන්නේය. ඇත්තෙන්ම භික්ෂුව යනු කවරෙක්දැයි ප්‍රථමයෙන්ම අප විසින් සොයා බැලිය යුතුය. භික්ෂු ජීවිතය පිළිබද යම් අවබෝධයක් තුළින් භික්ෂුවගේ කාර්යභාරය කුමක්දැයි විමසා බැලීම මෙහිලා වඩා උචිත වන බව අපගේ හැගීමයි.
ඒ අනුව "භික්ෂු" යන නාමය බුද්ධකාලීන සමාජයේ බුදුරදුන්ගේ ශ්‍රාවක පිරිසට පමණක් නොව වෙනත් සමයාන්තර සම්ප්‍රදායන් තුළ විවිධ ආගමික හා දාර්ශනික මත පිළිගත් අන්‍යතර ආගමික කණ්ඩායම් වල සිටි ශ්‍රාවක පිරිස් වලටද භාවිත වූ නාමයක් ලෙස ප්‍රචලිතව තිබේ. බොහෝ පිරිසක් එවැනි භික්ෂු ජීවිත ගතකළෝය.අප මෙහිදී ඍජුවම අවධානය යොමුකරන්නේ බෞද්ධ භික්ෂුව පිළිබදව වන බැවින් එකී අන්‍යතර ශ්‍රමණ සම්ප්‍රදායන්ගේ "භික්ෂු" යන හැදින්වීම පිළිබද සැලකීම පසෙකින් තබමු. ශාසනික වගකීම් ලත් ජ්‍යෙෂ්ඨ පැවිද්දන්ට 'භික්ෂු' යන නාමය ව්‍යවහාර වූ බව අපගේ පිළිගැනීමයි. ඒ අනුව පැරැණි යතිවරු භික්ෂුව යනු සසර බිය දක්නා,භික්ෂාවෙන් යැපෙන,වැරහැලි හැදගත් ආදී වශයෙනි. නමුත් තත්කාලීන සසුන්ගත පිරිස් මෙන්ම පසුත් බුදුසසුනේ වැඩහුන් භික්ෂූන් වහන්සේලාගේ ජීවිත එසේම විණිදැයි ගැටලු සහිතය. බුදුරදුන් අවබෝධ කළ ධර්මය සුදුසු කල සුදුස්සන් වෙත දේශනා කළ අතර නොයෙක් ආගම් හා දර්ශනවාද පිළිගත් සාතිශය පිරිසක් මේ ධර්මය පිළිගෙන ඒ වටා එක්රොක් විය. මහාවග්ග පාළියේ එන විස්තරය අනුව ප්‍රථම ධර්ම ධර්මදේශනාව පංචවග්ගිය භික්ෂූන් අරඹයා දේශනා කළ අතර ඔවුන් ශ්‍රාවකයින් බවට පත්වෙයි. පසුව ගිහිගෙයි කළකිරුණු යස නැමති කුල පුත්‍රයාත් විමල,සුබාහු,පුණ්ණජි,ගවම්පති යන ඔහුගේ සිව් යහලුවන් සහ ඔවුන්ගේ තවත් යහලුවන් පනස් දෙනෙක් පැවිද්දට පත් විය. එහෙයින් පංචවග්ගිය භික්ෂූන් බුදුසසුනේ ප්‍රථම භික්ෂු පිරිස නියෝජනය කරයි. යස සහ ඔවුන්ගේ මිත්‍ර සමාගමයෙහි තරුණයින් පිරිස ද ගිහි කාමභෝගී ජීවිතය කෙරේ කළකිරී ධර්මයෙහි පැහැදීමට පත්ව භික්ෂූත්වය අපේක්ෂා කළවුන් ය. සාංසාරික විමුක්තියක් අපේක්ෂාවෙන්ම භික්ෂු ජීවිතය වැළදගත්තවුන් ය. මුල් කාලයේ බුදුරදුන් වෙතින් භික්ෂුත්වය ලද බොහෝ ජනයා එබදුම විමුක්ති අපේක්ෂකයින් වූහ. ඒකායන පරමාර්ථය විමුක්තිය ලැබීම හෙවත් නිර්වාණය සාක්ෂාත් කිරීමම වන බැවින් ඔවුහු වැඩිකල් නොගොස් සිය පරම නිෂ්ටාව සාක්ෂාත් කරගත්හ. මහාවග්ගපාළියට අනුව සරණාගමන පැවිද්ද බුදුරදුන් විසින් දේශනාකිරීමට ප්‍රථම පැවිද්දත් උපසම්පදාවත් යන දෙකම "ඒහිභික්ඛු"භාවයෙන් ලබාදුනි. මන්ද එවැනි ඒකායන පරමාර්ථයක් සහිත සහ පැවිද්ද පිළිබද පළපුරුදු අද්දැකීම් ඇති පිරිසකට බුදුරදුන්ගේ "එව මහණ" යන නිර්දේශය පමණකුදු සෑහෙන්නේ ය. නමුත් තත්කාලීන අන්‍ය ශ්‍රමණ කණ්ඩායම් වලද පිණ්ඩාහාරයෙන් යැපෙන, වැරහැලි හැදගත්, සසර බිය දැක්ක පිරිස් විසූහ. එබැවින් බෞද්ධ භික්ෂු ජීවිතයේ අනන්‍යතා ලක්ෂණ ඒ අර්ථකථනයෙන් හුවාදැක්වීම දුෂ්කර බව අපගේ අදහසයි. බෞද්ධ භික්ෂු ජීවිතයේ සාර්ථකම හදුනාගැනීම ප්‍රථමාභිසම්බෝධි සමය ඇසුරින් ලද හැකි බව කිව හැකිය. අප එසේ කියන්නේ එකල විසූ භික්ෂූන් පරමාර්ථ සාධනයෙහි දැක්වූ සාඵල්‍යය ඉහළ අගයක පවත්නා නිසාවෙනි.
බෞද්ධ භික්ෂුවගේ අනන්‍යතා ලක්ෂණ බොහෝමයක් පහසුවෙන් හදුනාගත හැකි අවධිය ප්‍රථමාභිසම්බෝධි සමය(බුද්ධත්වයෙන් විසි වසරක් ගත වන කාලය) බව අපගේ විශ්වාසයයි. එකල විනය ප්‍රඥප්තීන් පවා නොපැනවීමට තරම් කායික වාචසික යන සංවරයක් පැවති බව මූලාශ්‍ර තොරතුරු වලින් තහවුරුව පෙනෙයි. මේ යුගයේ භික්ෂු ජීවිතය වැරදි බහුල එකක් නොවූ අතර ශීල සම්පත්තිය අගය කළ පිරිසක් විය. බුද්ධානුශාසනය එකහෙලා පිළිගත් නැණවතුන්ම විය. ඕවාද ප්‍රාතිමෝක්ෂය ඔවුන්ගේ සංවරයට ප්‍රමාණවත් වූ බව පිළිගත හැකිය. ඒ අනුව මේ කාලයේ භික්ෂු ජීවිතය ඉවසීම ප්‍රගුණ කළ එකක්ම වෙයි. නිවන උත්තරීතර පරමාර්ථය විය. අනුන්ගේ ගුණ නොනැසීමත් අනුන්ට උපවාද නොකිරීමත් පාමොක් සංවරයෙන්ද යුක්ත වූ මේ භික්ෂු පිරිස පමණ දැන ආහාර ගත්තෝය. විවේක සෙනසුන්හි ඇලුම් කරමින් සමවත් සුව වින්දෝ ය. සියලු පව් නොකිරීමත් කුසල් සම්පාදනයත් නිතොර කළ මේ භික්ෂූහු උතුම් නිර්වාණාපේක්ෂාවෙන් සිය සන්තානය පිරිසුදු කළෝය. ආචාරගෝචර සම්පත්තියෙන් යුතුව පාමොක් සංවරයෙන් යුතු වූහ. කාය වාචසික කරමාදියෙහි සිහි නුවණ එලවමින් ඉන්ද්‍රිය සංවරය ඇතිකරගත්හ. ගෘහ ජීවිත ගත කළ මහා සමාජයට සංවරය පිණිස ආදර්ශවත් ජීවන පැවැත්මක් උදෙසා ගැඹුරු ආධ්‍යාත්මික බ්‍රහ්මචරිය ප්‍රතිපත්තියෙන් සංග්‍රහ කළෝය. සමස්ථ බුද්ධ වචනය එක් ගාථාවකට කැටිකරමින් අස්සජි තෙරුන් විසින් උපතිස්ස පිරිවැජියාට දෙසූ ගැඹුරු දහම් පණිවිඩය මේ බවට නිදසුනක් වෙයි. බාහිර පුද පූජා සහ කයට වෙහෙසක් ඇතිකරන දැඩි තාපස ව්‍රත භික්ෂුව විසින් ප්‍රතික්ෂේපිතය. එක්වේල වැලදූ මේ යුගයේ භික්ෂු ජීවිතය අන්තයට යාමක් නොව ශරීරයේ නිරෝගි බවද නිදුක් බවද සැහැල්ලු බවද ශරීර ශක්තියද පහසු විහරණයද අපේක්ෂා කරමින් බුද්ධ ජීවිතය අනුගමනය කිරීමක් වන බව විනය පිටකයෙන් පැහැදිලි වන්නේය.
මුල්කාලීන භික්ෂු ජීවිතවලින් අපට පෙනෙන අනෙක් මූලික ලක්ෂණයක් වන්නේ නිසහස්කාමී බවයි. බුදුසමය භික්ෂු ජීවිතය නිදහසේ ආකාශයේ සරන පක්ෂියකුට සමාන කරයි. පක්ෂියාට ඇත්තේ පියාපත් බර පමණකි. එමෙන් භික්ෂුවද ලෞකික ජීවිතයේ බර බහාලූ අයෙකි. පක්ෂීන් ද තැන තැන නිදහස් පැවැත්මක් සහිතවුන් වෙයි. එමෙන් භික්ෂුවද සංචාරක ජීවිතයක් උරුමකරගත් අයෙකි. භික්ෂුව ගම් නියම්ගම් සැරිසරන්නේය. සමාජය පිළිබද නිතොර අවදිමත්බවින් යුතු අයෙකි. නමුත් හේ නැවත කිසිවිටෙක ලෞකික වූ ගිහියන්ගේ මහා සමාජයට නොයයි. සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා මඩෙන් ඉස්මතු වූ නැවත මඩෙහි නොගැලෙන පියුමකට උපමා කරන්නේ ද එහෙයිනි. බුදුරදුන්ද සංචාරක ජීවිතය ප්‍රිය කළ බව අපගේ පිළිගැනීමයි. ජේතවනාරාමය, වේලුවනාරාමය, පූර්වාරාමය වැනි සුවිසල් මන්දිර සම ආරාම තිබුණත් බුදුරදුන් පිණ්ඩපාතය පිණිස ගමට නගරයට වැඩම කරයි. මේ ආදර්ශය භික්ෂුව නිරන්තරයෙන් ලැබූ බව සන්සුන් ඉදුරන් ඇතිව ගම්දනව් සැරිසැරූ දහස් ගණන් භික්ෂූන් පිළිබද නිතර හමුවන තොරතුරුවලින් ගම්‍ය වෙයි. ප්‍රථම රහත් හැටදෙනාවහන්සේ අමතා සිදුකළ බුද්ධානුශාසනය භික්ෂු ජීවිතය තුළ ප්‍රායෝගික භාවිතය වූ බව ඒ අනුව පැහැදිලි වෙයි. නිර්වාණය පරමාර්ථය කරගත් බෞද්ධ භික්ෂුවට වඩා උචිත නිදහස් හුදෙකලා ජීවිතය බව මුල්කාලීන භික්ෂු ජීවිත නිදහස් පැවැත්මක් මත ගොඩනැගී තිබීමෙන් පෙනීයන්නේය. ආරාම තැනීමේදී වුව නගරයට මදක් ඈතින් පිහිටීම උචිතයැයි බුදුරදුන් නිර්දේශ කරන්නේ ඝෝෂාකාරී පරිසරය ආධ්‍යාත්මික හැකියාවන් වර්ධනය කරන භාවනානුයෝගී භික්ෂුවට හිරිහැරයක් වන නිසාම බව අපගේ අදහසයි. ධම්මපදයේ භික්ෂු වර්ගයේ එන පරිදි භික්ෂුව තමාටම දොස් නගන්නෙකු විය යුතුය. තමාම විමසිය යුතුය. එසේ තමාම රැකගන්නෙකු විය යුත්තේය. යෝනිසෝ මනසිකාරයෙන් සෑම විටම ප්‍රත්‍යවේක්ෂා කිරීමක් භික්ෂුවගේ ජීවිතය පුරාවට දක්නට හැක්කේය. "තෙමේම තමහට පිහිට වන්නේය. තෙමේම තමහට පිළිසරණ වන්නේය. එබැවැන් අශ්ව වෙළෙන්දෙකු උතුම් අශ්වයකු රක්නා සේ තමා රැකගත යුත්තේය" යනු බුද්ධ භාෂිතයයි. එහෙයින් භික්ෂු ජීවිතය උතුම් ප්‍රඥාව අවදිකරන ක්ෂේම භූමියක් වැනිය. ප්‍රඥාව අවධිකිරීමට නම් ධ්‍යාන කළ යුතුවන්නේය. පට්ඨානය හෙවත් භාවනාව සම්පූර්ණ කළ හේ නිවන දක්නේය. සතුට බහුල කොට බුදුසසුනෙහි පැහැදීමට පත්වූ භික්ෂු ජීවිතයක් තුළ ඒකාන්ත සැපය වන ශාන්ත පදය හෙවත් නිර්වාණය සාක්ෂාත් කරනා බව බුදුසමයේ ඉගැන්වෙන්නේ එහෙයිනි. මෙහි සතුට යනු ලෞකික වූ පසිදුරන් පිනවීමෙන් ලබන සතුට නොව ආධ්‍යාත්මික වූ නිරාමිස පැහැදීමකි. ඒ අනුව ගිහිගෙයි සම්බාධ සහිතය, කෙළෙස් රජස් සහිතය, යනුවෙන් අභ්‍යාවකාශය වැනි පැවිද්දට පත් භික්ෂුව මහා සමාජය වන ගෘහස්ථ ජීවිත ගතකරන්නන්ට වඩා වේගයෙන් හංසයකු මෙන් ජව සම්පන්නව නිවන කරා ගමන්කරන බව බුදුරදුන් දේශනා කරන්නේ භික්ෂු ජීවිතය තුළ ඇති දැඩි ආධ්‍යාත්මික පදනම නිසාවෙන්ම බව අපගේ පිළිගැනීමයි.
භික්ෂුවගේ ජීවිතය සරල බවත් අල්පේච්ඡ බවත් මත පදනම් විය යුතු බව බෞද්ධ ඉගැන්වීමයි.
ඒ අනුව භික්ෂුව අල්පවූත් මහත්වූත් සියලු ලෞකික ලාභාපේක්ෂාවන් හැර පියා බුදුසමයේ පැවිද්ද ලබන්නේ ආධ්‍යාත්මික සංවර්ධනය තුළ නිර්වාණය ඒකායන පරමාර්ථය කරගෙනයි. එය " සියලු දුක් හැරපියා නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස මේ කසාවත ගෙන මට පැවිද්ද ලබාදෙන්න" යන පැවිද්ද ඉල්ලීමේ පාඨයෙන්ම පෙනෙයි. එසේ නම් ලෞකික බැදීම් වලට භික්ෂු ජීවිතය ඉඩක් නොදෙයි. නිිර්වාණගාමී ප්‍රතිපදාවේ දක්ෂවන භික්ෂු ජීවිතය තුළ සරල අල්පේච්ඡ ගති පැවතුම් ප්‍රගුණ විය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ මනාව බුදුරදුන් දේශනා කරයි. සුවච බව,මුදු බව මෙන්ම ඍජු බවත් භික්ෂු ජීවිතය තුළ ප්‍රගුණ කළ යුතු යන්නේය. අනතිමානී ගුණයෙන් යුතු භික්ෂු ජීවිතය බෝසත් ජීවිතයකැයි අපගේ පිළිගැනීමයි. භික්ෂුව පහසුවෙන් පෝෂණය කළ හැකි ජීවිතයක් ගෙවන්නකු විය යුතු බව බුදුසමයේ ඉගැන්වීමයි. චීවර,පිණ්ඩපාත,සේනාසන,ගිලානප්‍රත්‍යය යන සිවුපසයෙහි අවමය පරිහරණය කළ යුතුය. ලැබෙන චීවරයෙන්, ලැබෙන සිවුපසයෙන් සතුටට පත්විය යුතු වන්නේය. භික්ෂුව සිවුපසය පරිහරණය කරන්නේ ප්‍රත්‍යවේක්ෂා කරමිනි. භාවනාවෙහි ඇලීගැලී වෙසෙන භික්ෂු ජීවිතයට අධික සිවුපසයෙහි වැරදි පරිහරණය නිර්වාණාපේක්ෂාවට බාධාවකි. තත්කාලීන සමාජ පිළිගැනීම අනුව පැවිද්දා පසිදුරන් පිනවන ලෞකික වස්තූන් කෙරෙන් ඈත්විය යුතුය යන සමාජ ප්‍රතිරෝධය නිසාම නොව බුදුසමය උගන්වන ඉන්ද්‍රිය සංවරයටත් නිවන් අපේක්ෂිත භික්ෂුවට කරදරකාරී ජීවන පැවැත්මකුත් උදාකරන බැවින් සිවුපසයෙහි අවමය බුදුරදුන් විසින් නිර්දේශ කළ බව අපගේ පිළිගැනීමයි. නොඑසේ නම් හුදු ජනතා ප්‍රසාදය පිණිසම එසේ කළ බව පිළිගත නොහැකිය. නමුත් මහජනතාවගේ සාධාරණ විවේචනයන් සහ ඉල්ලීම් වලට සානුකම්පිතව ඇහුම්කන්දීමට තරම් ඉවසීමක් භික්ෂුවට තිබිය යුතු බව බුද්ධකාලීන භික්ෂූන් වහන්සේලාගේ නිදසුන් වලින්ම පෙනෙයි. බුදුරදුන් පසළොස් වසින් අඩු දරුවන් පැවිදි නොකළ යුතුය යනුවෙන් විනය නීතියක් පනවා තිබූ අවධියක අභිවාතක නම් රෝගයෙන් දෙමාපියන් අහිමි වූ දරුදෙදෙනකුට පැවිද්ද ලබාදෙන ලෙස අනද තෙරුන් විසින් කළ ඉල්ලීමට අනුව බුදුරදුන් "කවුඩෙකු පලවාලිය හැකි" වයසෙහි පසුවන්නේ නම් පැවිද්ද අනුදනිමි යනුවෙන් විනය නීතිය සංශෝධනය කරයි. එසේ නම් භික්ෂු ජීවිතය සමාජ ඉල්ලීමට සක්‍රීය ලෙස මැදිහත්වන්නක් බව අපට තේරුමිගත හැකිය. භික්ෂුවගේ කාර්යය වන්නේ සිවුපසයෙහි ගිජුවීම නොව අවම පරිහරණයත් සමාජ සුභසාධනය කෙරෙහි ශාසනික ලාභයන් යෙදවීමත් වන බව අපගේ අදහසයි. සමාජය විසින් අධික සිවුපස පරිහරණය භික්ෂු ජීවිතයට නොගැලපේය යනුවෙන් ඇතිකරන ප්‍රතිරෝධයත් බුද්ධ භාෂිතය විසින් එම සාධාරණ සමාජ ඉල්ලීම පිළිගැනීමත් භික්ෂු ජීවිතය සුභරතාවය මත ගොඩනැංවීමට අවශ්‍ය පියවර ගැනීමත් අපගේ අවධානයට ලක්විය යුත්තේය. සේනාසනක්ඛන්ධකයෙහි එන විස්තරයේ රජගහනුවර සිටුතුමන් භික්ෂූන්ගේ සංවරශීලී හැසිරීම පිළිබද ප්‍රසාදයට පත්විය. එහි එන පරිදි 'දුටුවන් පහදවන්නාවූ ඉදිරිබැලීමෙන්ද දෙපස බැලීමෙන්ද අත්පා නැමීමෙන්ද අත්පා දිගහැරීමෙන්ද උපලක්ෂිතව බිමට හෙලූ ඇස් ඇතිව මනා ඉරයව්වෙන් යුතු භික්ෂු ජීවිතය' නොපැහැදුණු වූවන්ගේ පැහැදීම පිණිසත් පැහැදුණවූවන්ගේ වැඩි පැහැදීම පිණිසත්ම වූ බව හදුනාගත හැකිය. එසේ දුටුවන්ගේ ප්‍රිය උපදවන්නේ සරල අනතිමානී දිවිපෙවෙත තුළ ඉදුරන් ප්‍රසන්නවීම බව සිතීම වඩා නිවැරදිය. අංගුත්තර නිකායගත දසධම්ම සූත්‍රයෙහිද සදහන් පරිදි භික්ෂුවගේ ජීවිතය පරපටිබද්ධය. සිවුපසය තමන් විසින් උපදවාගන්නක් නොව සැදැහැති මනුෂ්‍යයන්ගේ පුණ්‍යසම්භාරයක් බව අපි දනිමු. ශීලාදී ගුණයෙන් පූර්ණ භික්ෂු ජීවිතය ගෘහස්ථ ජනයාගේ ආකල්පවලින් වෙනස් වූ අන්‍යතර එකකි. අනිත්‍යවූ ලෝක විෂය විදර්ශනාවෙන් දක්නා සුවිශේෂ ඥානදර්ශනයන් ඉපදවීමට දිවා රෑ අවදිමත් බවක් භික්ෂු ජීවිතයෙහි දක්නට ලැබෙයි. ජනයාගේ ප්‍රසාදයටත් ගරුබුහුමනටත් වන්දනයටත් නිතර පාත්‍රවන්නේ එහෙයිනි. නමුත් භික්ෂුව පරපුටු බවට පත් යාචකයකු යැයි කිසිසේත් අර්ථගැන්වෙන්නේ නැත. භික්ෂුව පැවිද්දට පත්වන්නේ කෑම බීම, වස්ත්‍ර හෝ නවාතැන් පහසුකම් අපේක්ෂාවෙන් නොවනා බැවිනි. දිවිරැකගැනීමට ප්‍රත්‍ය පහසුකම් ඇතිකර ගෙන ගෘහස්ථ ජීවිතය ගතකිරීමට ඇති නොහැකියාව නිසාද නොවෙයි. ප්‍රත්‍ය පහසුකම් සියල්ලම නැතිව වුණත් සිය අරමුණු සාධනයෙහිලා භික්ෂුව නිතොර කැපවන්නෙකි. භික්ෂුව සිංහයකු මෙනැයි නාගසේන හිමියන් මිළිදු රජුට පෙන්වා දෙන්නේ එහෙයිනි. **

( **_භික්ෂු ජීවිතය හා භික්ෂුවගේ කාර්යභාරය_01 යන මැයෙන් වන මෙය සටහනක ප්‍රවේශය පමණි. තව සාකච්ඡාවට ලක්විය යුතු දීර්ඝ කාරණා රැසකි. මේ සටහනත් සංවාදයට විවෘතය. )
___#අරෝ ෂ සමරසේකර___
___#අරෝ ෂ සමරසේකර___
Wednesday, March 23, 2016
______ මහින්දාගමනය සහ ලාංකීය බෞද්ධ සංස්කෘතිය_____ 01
අප රටෙි ඉතිහාසය දෙස අවධානය යොමුකිරීමෙිදී ලාංකීය බෞද්ධ සංස්කෘතියේ මූලික පදනම වැටෙන්නේ මහින්දාගමනයත් සමගමය. මිහිදු හිමි වැඩමකිරීමට පෙර පටන් ලංකාව හා භාරතය අතර අවියෝජනීය සබැදියාවක් පැවැති බව වංශකතා විස්තර අධ්‍යයනය කිරීමෙිදී පෙනී යන්නේය. බුදුන් වහන්සේ තෙවරක් වැඩම කළ බව පැවසීම, විජය කුමරු ,පණ්ඩුවාසදේව,භද්දකචිචායනා සහ පිරිස ආදී සංක්‍රමණ අවස්ථා ඒ සමිබන්ධය පෙන්වන බව පෙනෙයි. එසේම වංශකතාව දක්වන පරිදි මුටසීව රජුගෙ කාලයේ තිස්ස කුමරු(දේවානමි පිය තිස්ස) සහ අශෝක අධිරාජයා අතර සබදතා තිබුණි. ඒ සබදතාවේ උචිචතම ප්‍රතිඵලය ලෙස මහින්දාගමනය නමි කළ හැකිය.
මෙි අනුව මහින්දාගමනය වූ කලී ලංකා-භාරතීය රාජතාන්ත්‍රික සබදතාවන්හි ප්‍රතිඵලයකි. එයිනුත් වංශකතාව විස්තර කරන අන්දමට නමි ද්වීපාර්ශ්වීය මිතුදමෙහි ඓතිහාසික ප්‍රතිඵලයක් ලෙසම ගම්‍යවෙයි. නමුත් ඇතැමි විචාරක මතයකට අනුව මෙය දේශපාලන බලය ආගමික පදනමක් තුළ උපක්‍රමිකව ව්‍යාප්ත කිරීමකි. දිග් විජය පිළිවෙත අත්හල ධර්මාශෝක සාහසිකව ආගමක් ප්‍රචාරය කළා විය නොහැකිය. නමුත් දේශපාලන වශයෙන් බලපෑමි නොකළ බව ද කිව නොහැකිය. අභිෂේක කර සිටි තිස්ස රජු අශෝක රජුගේ ඉල්ලීමෙන් පුනරාභිෂේක කරයි. එය පැවැති මෞර්ය අහිෂේක ක්‍රමයයි. එසේම මෞර්ය ක්‍රමයට තනතුරු ප්‍රදානයක් ද සිදු කරන්නේ අධිරාජ්‍යයාගේ ඉල්ලීමට පක්ෂපාත වෙමිනි. එතෙකුදු නොව තිස්ස රජු අධිරාජයාගේ විරුද නාමය තමන්ගේ නමට එක්කර ගැනීමෙන් ද සිදුකළ දේශපාලන බලපෑම පෙනී යයි. නමුත් ගිහි නෑකමින් සිය පුත්‍රයා මහින්ද හිමි සහ පසුව සිය දියණිය සංඝමිත්තා තෙරණිය, මුනුබුරා සුමන සාමණේරයන් ආදී අතිශය හිතෛෂී දූත පිරිසක් ධර්ම ප්‍රචාරක කණ්ඩායමට ඇතුලත්වීම සහ ඒ පිරිසේ ක්‍රියාකාරීත්වය දෙස බැලීමෙිදී අධිරාජයා විශේෂ අවධානයක් ලංකාව වෙත යොමු කළ බව සිතීමට තුඩුදුන්නද රටවල් නවයකට ධර්ම ප්‍රචාරය කිරීමට ගත් තීරණය තෙවන ධර්ම සංගීතියෙන් සමිමත වූ එකගතාවක් වන බව ද අප අමතක නොකළ යුතුය. තවද වංශකතාවෙිම සදහන් වන්නේ අනාගතයේ ලක්දිව බුදු සසුන පිහිටන බව බුදුන් වහන්සේ ශක්‍ර දේවෙින්ද්‍රයාට දැන්වූ බවත් අනතුරුව එතුමා එම කාර්යය වෙනුවෙන් උපුල්වන් දෙවියා ලක් දිවට එවීමට කටයුතු කළ බවත් එය විජය කුමරු පැමිණි දිනයේම සිදු වූ බවත් ය. මෙයට ඇතැමි කෙනෙක් අර්ථ දක්වන්නේ මහානාම හිමියන් සිතාමතාම සිය ග්‍රන්ථයේ ජාතික සිදුවීමක් ආගමික සිදුවීමක් හා ඒකාබද්ධ කළ බවකි. නමුත් වංශකතාකරුට වසර දහසක් පමණ පැරණි සිදුවීමක් අසත්‍යයක් ලෙස සිය ග්‍රන්ථයේ සදහන් කිරීමට තරමි අතිමානයක් හෝ වංක බවක් තිබුණේද යන්න සිතා බැලිය යුතු ප්‍රශ්නාර්ථයකි. ඇතැමි විට සක් දෙවිදු අමතා කළ බුද්ධාවවාදය පිළිබද වංශකතාගත ප්‍රවාදය බුද්ධ පරිනිර්වාණයෙන් වසර තුන්සියයයක්වත් ගත නොවූ තත් කාලීන අවධියේ ධර්මාශෝක අධිරාජයාගේ විශේෂ සැලකීමට ලක්දිව යොමුවීම කෙරෙහි වක්‍රව හෝ බලපෑමි කිරීමට හේතු වූ බව සිතිය හැකිය.
ඇත්තෙන්ම මිහිදු හිමියන් ලක්දිව ඇති කළ බෞද්ධ සංස්කෘතිය ආගමික, දේශපාලනික, සමාජ, ආර්ථික, භාෂාව ආදී සෑම පැතිකඩක්ම විනිවිද ගිය බව පෙනෙයි. අප්‍රමාණ බලපෑමි මධ්‍යයේ වුව වත්මන දක්වාම එකී පදනම දෙදරා නොගොස් පවත්නේ එනිසාම විය යුතුය. අනෙක් අතින් එතුමන් සිය ධර්ම ශාස්ත්‍රීය සේවාව තුළ අප්‍රතිහත වීර්යයෙන් ඇති කළ ප්‍රබෝධයයි. ඒ අනුව මිහිදු හිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර ඇරැඹෙන්නේ මහා විහාරය කේන්ද්‍රකරගනිමිනි.මහා විහාරිකයින්ට දැඩි විනයවාදී බවක් ඇතිකළ පුරෝගාමී යතිවරයන් වහන්සේ වන්නේ ද මිහිදු හිමියන්මය. එතුමන්ගේ ධර්ම ශාස්ත්‍රීය ප්‍රථම මෙහෙවර හෙළටුවා සමිපාදනය කිරීමයි. මිහිදු හිමියන් ලක්දිවට වැඩම කරන්නේම හෙළ බස පිළිබද ප්‍රාමාණික අවබෝධයෙන් බව අපගේ පිළිගැනීමයි. හේතුව එතුමන්ගේ ලංකාගමනයට පෙරාතුව රාජ්‍ය තාන්ත්‍රික මටිටමෙී දූත ගමන් යෙදීම පිළිබද වංශකතාගත තොරතුරු හමුවීමයි(මෙී ලිපියේම ඒ පිළිබද ලුහුඩින් ඇති උක්ත සදහන බලන්න). විචාරකයින් පෙන්වන අනෙක් ප්‍රබල සාධකය වන්නේ මිහිදු හිමි ලක්දිවට වැඩමවීමට ප්‍රථම ලාට රට සංචාරය කිරීමයි. ලාට රටෙී භාෂාව සිංහලය විය. විජයාගමනය පිළිවදව ද මෙහිදී අපට වංශකතාගත විස්තරය සිහිපත් කරගත හැකි නමි මෙි භාෂා සමානත්වය පිළිබද වඩාත් අවබෝධයක් ලද හැකිය. 'නගරප්පවෙීසන' නමි මහාවංශ පරිචිඡේදයේ සද්ධර්මයේ ලක්දිවැ වැසියන් පිහිටවනු වස් හෙලදිවැ බසින්ම දහමි දෙසූ බව සදහන් කරයි. එහෙයින් මිහිදු හිමියන්ගේ හෙළ බස පිළිබද ප්‍රාමාණිකත්වය ඉදුරාම අපට තහවුරු වන්නේය. අනෙක් අතින් එතුමන්ගේ දැඩි විනයවාදී බව වංශකතාවෙි සුලබව ඉස්මතු කරයි. තිස්ස රජු තෙරුන්ගේ පහසුව අපේක්ෂාවෙන් නන්දන උයනෙහි වැඩ සිටින්න යැයි ඉලිලීමි කරද්දී මහමෙවිනා උයන වාසයට තෝරාගන්නේ ද මිහිදු හිමියන් තුළ විනය පිටකය පිළිබද පැවැති අවබෝධය ප්‍රකට කරමින් ය. එසේම තිස්ස රජු 'ආරාමය සංඝයාට කැපදැ'යි විමසූ අවස්ථාවෙි වෙීලුවනාරාමය පිළිගැනීම වදාළ බව වංශකතාවෙි සදහන්වීමත් කැප නොකැප දේ පිළිබද තෙරුන් දක්ෂ වන බව සදහන් වීමෙනුත් මිහිදු හිමියන් විනය ශාසනයාගේ ආයුෂය යන ස්ථවිරවාදී අදහසෙහිම ක්‍රියා කළ මූලික ථෙරවාදී භික්ෂු පරපුරම නියෝජනය කළ බව පසක් වෙයි.එසේම දෙවන පිය රජු මිහිදු හිමි උදෙසා ප්‍රථමයෙන් තිස්සාරාමයෙහි කරවූ පිරිවෙණ ගින්නෙන් මැටි වියලවා ඉක්මනකින් තැනූ බැවින් එය කාල වර්ණ වීයැයි ද එහෙයින්ම 'කාලප්‍රාසාද පිරිවෙණ' යන නමින් ප්‍රකට වූ බවද සදහන් වෙයි.මෙි පිළිබද ඇතැමි අය විචාරය කරන්නේ මහින්දාගමනයට පෙරැ පැවැති ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයන්හි නොදියුණු තත්වය බවයි. නමුත් අපගේ අදහස නමි විනය ආයුෂය කොට ගත් පරපුරක මගපෙන්වන්නෙකු ලෙස මිහිදු හිමිගේ රුචි අරුචි බව පිළිබද අවබෝධයක් තිබූ තිස්ස රජු විසින් බෞද්ධ භික්ෂුවට ගැලපෙන ආරාම පූජාවක්ම සිදු කිරීමට ගත් උත්සාහය කාල ප්‍රාසාදයවීය යන්නයි.**
(** "මහින්දාගමනය සහ ලාංකීය බෞද්ධ සංස්කෘතිය" යන මැයෙන් වන මෙය ලිපි පෙළක පළමුවැන්නයි. විචාරශීලී ලිපි පෙළක් වන මෙය සංවාදයට විවෘත ය. )
___අරෝෂ සමරසේකර___

_____බෞද්ධ සංස්කෘතිය වටා බැදි අවිහිංසාවාදී පදනම______ 01
අද ලෝකයම බුදු දහම පිළිබද කතා කරයි. එහි ඇති අවිහිංසාවාදී මධ්‍යස්ථ ප්‍රතිපදාව ඇගයීමට ලක් කරයි. බුදු සමය ප්‍රඥාමූලික දර්ශනයකැයි පසසයි. ඇතැමුනට බටහිර දැනුමින් ලැබිය නොහැකි වූ සංසිදීමක් බුදු සමයෙන් ලැබිණැයි ගෞරව කරයි. නමුත් ඇතැමුන් මොහොතක් නොසිතන කාරණයක් වන්නේ ලංකාව වැනි බෞද්ධ සංස්කෘතියක් සහිත රටවල අවිහිංසාව පිළිබද ඇති නිරායාස පෙළඹවීමයි. එය හුදෙක් අධ්‍යාපනය තුළ ලැබූ දැනුමක් නොවන බවයි. ඇත්තෙන්ම එය ප්‍රායෝගික චින්තන ප්‍රවාහයක්ව ලාංකීය සංස්කෘතිය ශක්තිමත් කළ පවුරක් මෙනි.
බෞද්ධ ඉගැන්වීමෙහි අසහාය ගුරුවරයා බුදුන් වහන්සේ ය. සියලු පවින් වැලැකෙන ලෙස සිය ශ්‍රාවකයිනට බුදුරදුන් උගන්වයි. සියලු සත්වයින් කෙරේ සුවපත් වෙත්වා යන මෛත්‍රී පූර්වක කල්පනාවෙන් ලෝකය දෙස බැලිය යුතු බවයි පෙළ දහමිහි උගන්වන්නේ. මෙී චින්තනය සාමාන්‍ය ජනතාව වෙත බෞද්ධ භික්ෂුව විසින් ගෙනයනු ලබයි. විහාරය යන්න භික්ෂූන් වහන්සේලාගේ පහසුවට ගිහි ජනතාව විසින් කරවන ලද්දකි.ඇත්තෙන්ම මෙී නිසා බෞද්ධයිනට සිය ආගමික කටයුතු වෙත පහසුවෙන් ප්‍රවෙීශවීමට අවස්ථාව උදා විය. භික්ෂුව විසින් ගිහි ජනතාව හික්මීමට ලක්කරයි. පොහෝ දිනයන්හි අෂ්ටාංග ශීලය සමාදන්වීමට උපාසක උපාසිකාවෝ කටයුතු කළහ. ඇත්තෙන්ම ඔවුන් එදිනට රහතන් වහන්සේ අනුගමනය කිරීමට උත්සාහ ගත් බවයි ඇතැමුන් අදහස් කරන්නේ. එසේ නොවෙතත් ගිහි ජනතාවගේ නිත්‍ය ශීලය පංචශීල ප්‍රතිපදාව විය.තවත් සත්වයෙකුගේ ජීවිතය, වස්තුව, සදාවාර ජීවිතය, විශ්වාසය සහ මානසික නුමුලාබව ඔවුන් අගය කළහ. එහෙයින් අපේ සංස්කෘතිය තුළ අවිහිංසාව යන්න වඩා විස්තෘත පරාසයක පැතිරුණක් බව අපේ අදහසයි.
බුදුසමය උගන්වන තවත් වැදගත් සංකල්පයක් වන්නේ තමාට උපමාකොට අන් සත්වයන් දෙස කරුණා මෛත්‍රීයෙන් බැලිය යුතු බවයි. අවිහිංසාව ප්‍රථමයෙන් උපදින්නේ යමෙකුගේ සිතෙහි ය. අවිහිංසාවෙන් සපිරි සමාජ යහපැවැත්මක් අපේක්ෂා කරනවා නමි කළ යුතු ප්‍රථම කාර්යය වන්නේ ද ඊට අවශ්‍ය පුද්ගල පෞර්ෂය ගොඩනැංවීමයි. බුදු සමය කතා කරන ආචාරධර්ම ප්‍රායෝගික කළ යුත්තේද එබැවිනි.

අවිහිංසාවෙන් සුපෝෂිත රාජ්‍ය පාලනය උතුමිය. අවිහිංසාව පදනමි කරගත් අර්ථ ක්‍රමය උතුමිය. අවිහිංසාව පැතිරුණු සමාජය යහපත් ය. බුදු සමය ඊට කැමති වෙි. දස රාජ ධර්ම වල පාලකයෙකුගේ වැදගත් පෞර්ෂ ලක්ෂණ අතර අවිහිංසාව ද ඇතුලත් වෙි. දස සක්විතිවත් තුළ ද අවිහිංසාව අගය කරයි. ජනතාවට අසීමිත දැඩි දඩුවමි දීම අවිහිංසාව අගය කරන පාලකයින්ගේ සිරිත නොවෙි. ජනතාව සිය දරුවන් ලෙස සලකා කටයුතු කළ ධර්මාශෝක අධිරාජයා අපට හදුනාගත හැක්කේ අවිහිංසාවාදී පාලකයෙකු ලෙස ය. ඔහු සිය ධර්මවිජය ප්‍රතිපත්තිය තුළ කොතරමි අවිහංසාවාදීවීද යත් රජ ගෙදර කෑම වෙනුවෙන් සතුන් දඩයමි කිරීම ද තහනමි කළ බව සදහන් වෙි. ඇත්තෙන්ම අශෝකගේ අවිහංසාවාදී ධර්මයෙහි මූලික පදනම බුදුසමය වූ බව අපගේ පිළිගැනීමයි. මෙහි අනෙක් ඉස්මතු කළ යුත්ත වන්නේ අශෝක සිය දේශපාලනික පැවැත්ම තුළ බෞද්ධ සංකල්ප ප්‍රායෝගිකව සනාථ කිරීමය අශෝක පූර්වාදර්ශය කරගත් ලංකාවෙි රාජ්‍ය පාලකයින්ද භික්ෂුවගේ මග පෙන්වීමෙන් බෞද්ධ අවිහිංසාවාදී පිළිවෙත් ක්‍රියාවට නැංවූ බව පෙනෙයි. ඇතැමි රජ කෙනෙක් සතුන් මැරීම තහනමි කරමින් ජනතාවට නීති පැනවූයේ එබැවිනි. දුටුගැමුණු රජු එළාර රජු සමග ද්වන්ධ සටනකින් සංග්‍රාමය අවසන් කළේ ද එබැවිනැයි කිව හැකිය.එළාර රජු ද අවිහිංසාව පදනමි කරගත් රාජ්‍ය පාලනයක් සිදු කළ රජෙකු බව පෙනේ. එබැවින්ම ඇතැමි විචාරකයින් ඔහු ජෛනාගමිකයකු විය හැකි බවට ද විශ්වාස කරයි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය ඇසුරෙහි බිහිවන රාජ්‍ය පාලකයා ඒකාධිපතියකු නොවන්නේ අවිහිංසාව පදනමි කරගත් පාලන ප්‍රතිපදාවක් ඔහු සතුවන බැවිනි. එනිසාවෙන්ම බටහිර සංකල්ප වලින් ඉස්මතු කරන්නට වෙර දරන රජු යනු ඒකාන්තයෙන්ම ඒකාධිපතියකුවෙීය යන සාවද්‍ය වූ ඊනියා අදහස බෞද්ධ සංස්කෘතිය තුළ අපට හමුවන අවිහිංසාවාදී රාජ්‍ය සංකල්පයත් සමග ඉදුරාම විසංවාදී වෙයි.
සත්වයින් වෙත මහා කරුණාවෙන් බැලූ බුදුන් වහන්සේ සියලු සත්වයිනගේ අභය අපේක්ෂා කළහ. බුදු සමය තරමි සත්ව ජීවිත වල අවිහිංසාවාදී සුරක්ෂිත පැවැත්ම පිළිබද කතා කළ අන් ආගමක් අපට නොපෙනෙයි. නමුත් මෙහිදී ජෛනාගම බුදු සමයටත් වඩා අවිහිංසාවාදී නොවෙද යන සැකය ඇතැමි කෙනෙකුට ඇතිවිය හැකිය. ජෛනයන් සිය අවිහිංසාවාදී බව කාය මූලිකව පෙන්වයි. කොටින්ම ඔවුන් කුරුලු පිහාටු වලින් තැනූ මුස්නක් භාවිතයෙන් ඇවිදින විට අමදිමින් ගමන් කිරීමෙන් එය කාටත් තේරුමිගත හැකි වෙයි. ඇත්තෙන්ම ඔවුනගේ ප්‍රතිපත්තිය ඉතාම දරදඩු බව අපගේ නිගමනයයි. ඇතැමි විට එය තමන්ට මෙන්ම අන් අයටද කරදරයක් වන කටුක පිළිවෙතකි. එබන්දක් සාමාන්‍ය ජන ජීවිතය තුළ ප්‍රායෝගික වන්නේද නැත. එබැවින් එය අන්තයක් ලෙස බුදු සමය බැහැර කරයි. එය වූ කලී අවිහිංසාවාදයක් නොව 'පරම අවිහිංසාවාදය'ක්ය යන හදුනාගැනීමට විද්වතුන් එලැබෙන්නේ ද යට කී උග්‍ර කාය මූලික පදනම නිසාම විය යුතුය. එසේම බුදු සමය නිරන්තරයෙන්ම සමාජගත පුද්ගල ජීවිතයන්ගේ යහ පැවැත්ම අපේක්ෂා කරයි. ඒ නිසාම ආර්ථික හැසිරීම තුළ ද අවිහිංසාවාදී පිළිවෙත් නිර්දේශ කර ඇති බව පෙනෙයි. ඒ අනුව බුදුරදුන් නොකළ යුතු වෙළදාම් පහක් නිර්දේශ කරන අතර සත්ව වෙළදාමත් මාංශ වෙළදාමත් අවිආයුධ වෙළදාමත් පිටුදැකීම ඍජුවම අවිහිංසාවාදී බව ප්‍රකට කරන බව අපගේ අදහසයි. එසේම තවත් පිරිසක් පීඩාවට පත් කරමින් ධනෝපාර්ජනය නොකළ යුතු බව බුදු සමයේ ඉගැන්වීමයි. බඹරෙකු මල නොතලා රොන් ගන්නාක් මෙන් ධනය ඉපයීමට උපදෙස් දෙන්නේ ද ධනෝපාර්ජනය තුළ අවිහිංසාවාදී පදනම තහවුරු කිරීමට යැයි තේරුමිගැනීම උචිතය. අනෙක් අතින් කෘෂිකර්මාන්තය, ගව පාලනය වැනි සතුන් ඇතිකිරීමෙන් ආදායමි ලැබීම, රාජ්‍ය සේවය, හමුදා සේවය, ධාර්මික වෙළදාම, ශිල්පීය කර්මාන්ත යන ධාර්මික රැකියා අගය කරමින් පුද්ගලයාගේ ආර්ථික ඉපයීම තුළ අවිහිංසාවාදී පදනම සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබෙි. විශේෂයෙන්ම ගවයා හා සමාන වස්තුවක් නැතැයි බුදුරදුන් දේශනා කරන්නේ ගවයින්ගෙන් ඇති ප්‍රයෝජනය විස්තරකිරීම එකම අභිලාෂය කොට ගෙන බව අප සිතන්නේ නැත. ඒ තුළ ඇත්තේ ආගමික ශාස්තෘවරයකු ලෙස තත්කාලීන සමාජයේ ප්‍රබල ආර්ථික සාධකයක් වූ ගවයා කෙරෙහි අවිහිංසාවාදීව කටයුතු කළ යුතු බවට වන සමාජ පණිවිඩය බවයි අපගේ විශ්වාසය වන්නේ.**
(** "_බෞද්ධ සංස්කෘතිය වටා බැදි අවිහිංසාවාදී පදනම_01 " යන මැයෙන් වන මෙය ලිපි පෙළක පළමුවැන්නයි. විචාරශීලී ලිපි පෙළක් වන මෙය සංවාදයට විවෘත ය. )
------- අරෝෂ සමරසේකර -------
------- අරෝෂ සමරසේකර -------
______බෞද්ධ සංස්කෘතිය තුළින් ප්‍රකට වන කාන්තාව_____ 01
ලොව පහළ වූ ආගම්,දර්ශන අතර බුදුසමය තරම් කාන්තාව පිළිබද යථාර්ථවාදී දෘෂ්ටියකින් ඇය ඇගයීමට ලක් කරනා තවත් ආගමක් දර්ශනයක් නැතිතරම් ය. දියණියක්, තරුණියක්, මවක්, ගෘහණියක්, භික්ෂුණියක් ලෙස සිය කාර්ය සාඵල්‍යයන් තුළ බෞද්ධ සංස්කෘතියේ කාන්තාවගේ නියෝජනය සුලභව දැකිය හැකිය. එහෙයින් මෙහිදී අප විමසීමට අදහස් කරන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ කාන්තාවගේ තත්වයයි.
බුද්ධකාලීන භාරතීය සමාජය පිළිබද යම් තරමක හෝ හදුනාගැනීමක් මෙහිදී අපට අවශ්‍යයැයි හැගෙයි. මක්නිසාද යත් බුදුරදුන් සිය ශාසනික කාර්යාවලිය තුළ කාන්තාව පිළිබද දැරූ ආකල්පය තේරුම්ගතයුතුව ඇති බැවිනි. ඒ අනුව පැවැති පශ්චාත් වෛදික යුගයෙහි කාන්තාව වැඩි සමාජමය නිදහසක් හෝ ආගමික, අධ්‍යාපනික නිදහසක් භුක්තිවිදි බවක් අපට නොපෙනෙයි. එසමයෙහි බ්‍රාහ්මණයින් සිය වෛදික ඉගැන්වීම් පදනම් කර ගනිමින් ඉහළ සමාජ තත්වයක් අපේක්ෂා කළේය. ඔවුන් දැඩිව පිළිගත් මතය වූයේ බමුණන් මහබඹුගේ මුඛයෙන් උපන් වර්ණය වූ නිසා අනෙක් වර්ණිකයන්ට වඩා තමන් කුලීන වන බවයි. ඒ් පිළිබද ආදිතම වෛදික මූලාශ්‍රය වන 'ඍග්වේදය' තුළින් සාක්ෂි ඉදිරිපත් කරයි. අනෙක් අතින් කළයුතු සමාජමය කාර්යයන් පිළිබද උපුටා දක්වන 'මනුස්මෘතිය' අනුව ද සිය සමාජ ආධිපත්‍යය තහවුරු කරගැනුමට ඔවුන් උත්සාහ කළ බව පෙනේ. එයින් අධ්‍යාපනය ලබාදීම බ්‍රාහ්මණයින්ටම පමණක් සීමා කර ගත්තේය. නමුත් අන්‍ය කුලත්‍රයට තබා බමුණු කතුනට පවා වේද වේදාංග හැදෑරීම බ්‍රාහ්මණයින් විසින් අනුමත නොකරයි. ඇයට අවශ්‍ය පරිදි සමාජයේ හැසිරිය නොහැකි වූ අතර සමාජ නිදහස උපරිමයෙන් සීමා කිරීම පැවැති පශ්වාත් වෛදිකාගමෙහි ලක්ෂණයක් විය. සිය ආගමික සංකල්පනාවන්ගේ පීඩිත බව තුළ කාන්තාවගේ විරෝධය වැලැක්වීම අරමුණු කරගනිමින් බමුණන් මෙලෙස ස්ත්‍රී පුරුෂ බෙදීම උපයෝගීකරගත්තා විය හැකිය.
බමුණන් කිසි දිනක කාන්තාව සහ පිරිමියා සමකක්ෂයකලා සැලකීමක් සිදු නොකළේ ඇයිදැයි යමෙකුට සිතෙන්නට පිළිවන. එක් අතකින් වේද හදාළ උගැන්වීම සිදු කළ ඔවුනට සුවච කීකරු සහායිකාවක් ලෙස කාන්තාව තබා ගැනීමට බමුණන් අභිරුචියක් දැක්වූවා විය හැකිය. තවත් අර්ථයකින් සිය වැඩපල කරදෙන සේවිකාවක මෙන් ගෘහස්ථ ජීවිතය තුළ පහසුවක් අපේක්ෂා කළාද විය හැකිය. මේ සියල්ලෙන් පිට විචාරකයින් පිළිගත් අන්‍යවූ අදහසක් ද ඇත. එනම් කාන්තාව පිළිබද බ්‍රාහ්මණ චින්තනය තුළ හදුනාගැනෙන අධිකතර කාමාපේක්ෂිත බවයි. යම් අවස්ථාවක මුඛය පද්මයක් මෙන් ද ඇගේ වචන චන්දන මෙනැයි ද දිව අග මී බිදු යැයිද ප්‍රකාශ කරන්නේ ඇගේ සිරුරැ ලාලිත්‍යය රාගික ලෙස දැක්ම නිසාම ය. අනෙක් කාරණය නම් බමුණන් නිතරම ඉතා බාලවියේ වූ තරුණියන් විවාහ කර ගැනීමට කටයුතු කිරීමයි. එහෙයින්ම මෙය ජීව විද්‍යාත්මකවද නොගැලපෙන්නක් වූ බවයි අපගේ අදහස වන්නේ. මහලුවියට පත්වන විට ඥානයෙන්ද මුහුකුරා ගිය බමුණාට සිය බිරියගේ හැගීම් පිළිබද අනවබෝධයක් මතුවනු වැලැක්විය නොහැකිය. මේ නිසාම දැඩි නීති පනවමින් කාන්තාව ගෙට සිරකිරීමට ඔවුන් සිතුවා විය යුතුය. අනෙක් අතින් බ්‍රාහ්මණයින් නිතරම ඇයගේ පතිවත අපේක්ෂා කළ අතර එය වඩා යහපත් සාරධර්මයක් ලෙස සැලකීම අගනේයැයි අපි පිළිගත යුතු වෙමු. නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ අධිකතර චරිත පාරිශුද්ධියක් බමුණන් අපේක්ෂා කිරීමයි. එම නිසා සැමියා මළ පසු දැවෙන දර සෑයට පැන සිය චරිත පාරිශුද්ධිය පෙන්වීමට කාන්තාව උත්සුකවිය යුතු බවට සම්මතයක් ඇති කරගෙන ඇත්තේ ද අධිකතර චරිත පාරිශුද්ධියක් අපේක්ෂා කිරීමේ ප්‍රතිපලයක් නිසාම බව පෙනෙයි. ස්වාමියා වෙනුවෙන් සිය ජීවිතය වුවද පිදිය හැකියැයි පෙන්වන මෙය 'සති පූජාව' යනුවෙන් හදුන්වයි. පූර්ව වෛදික චාරිත්‍රයක් වූ මෙහි ආරම්භයේදී කිසිම අයුරක දිවි පිදීමේ අවශ්‍යබවක් නොවීය. පශ්වාත් වෛදික නිර්මාණවාදී චින්තනය විසින් එය දිවි පිදීමක් දක්වා වර්ධනය කළේ කාන්තාව යනු සැමියාගේ අභිමතය පමණක්ම ඉවසන සැමියා වෙනුවෙන්ම පමණක් ජීවත්විය යුතුය යන්න තහවුරු කිරීමටය. එහෙයින් පශ්වාත් වෛදික සංස්කෘතිය තුළ වැන්දඹුවක් ලෙස කාන්තාව කාලකණ්ණි ජීවිතයකම උරුමකාරියක් වූ බව විද්‍යමාන වෙයි. මෙය හුදු සාම්ප්‍රදායික ආගමික පිළිගැනීම් පද්ධතියක් ලෙස සරලව කල්පනා කිරීමට වඩා බ්‍රාහ්මණයින් සිය ආගමික චින්තනය තුළ කාන්තාව පුරුෂාධිපත්‍යය තුළ සිරගතකිරීමක් ලෙස සැලකීම බුද්ධිගෝචරය. තවද කාන්තාව පිළිබද පශ්චාත් වෛදික ඉගැන්වීම් තුළ ඇය සම තත්වයක නොතැබීමට හේතුභූත වූයේ මෙපමණකින් ද නොවේ. බමුණු මත අනුව වනිතාව යනු ඒකාන්තයෙන්ම අවිශ්වසනීය තැනැත්තියක ලෙස පිළිගැනුණි. අට්ටික්කා ගසේ මල් හට ගැනීම, කලු කපුටා සුදු වීම, මාලුන්ගෙ පා සටහන් ජලයේ පිහිටීම විශ්වාසකටයුතු වුවද ස්ත්‍රියගෙ සිත,වචන කිසි විටෙකත් විශ්වාසකටයුතු නොවනා බව ප්‍රකාශවීමෙන් ඒ බැව් තහවුරු වෙයි. එතෙකුදු නොව කාන්තාව වූ කලී නපුරුවූත් විනාශය ගෙනදෙන්නා වූත් තැනැත්තියක වූ බව බමුණන්ගේ මතයකි. දැකීමෙනුදු පුරුෂයාගේ සිත විකල් කරනා,ස්පර්ශ වූ විට ධනය විනාශ කරවන,සයනය කිරීමෙන් මරණය පවා උදාකළ හැකි කාන්තාව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රාක්ෂසියක් වන බව බ්‍රාහ්මණ ඉගැන්වීමයි. මෙවැනි අදහස් සමාජගත කරමින් ස්ත්‍රිය කෙරෙහි අගෞරවනීය තත්වයක් උදා කිරීමට බමුණන් පෙළඹුණේ සිය සමාජ විභේදනීය වූ නිර්මාණවාදී සංකල්ප කෙරේ ඇතිකළ හැකි විරෝධයන් වැලැක්වීමේ අරමුණින් විය යුතුය. බාලවියේදී පියා යටතේ ද තරුණ කල ස්වාමි පුරුෂයා යටතේ ද ස්වාමියා මළ පසු පුත්‍රයා යටතේ ද කාන්තාව ජීවත්විය යුතු අතර සැම කල්හි ඇගේ කටයුතු වෙත පුරුෂයාගේ මැදිහත්වීම අපේක්ෂා කිරීමෙන් ද බමුණන්ගේ අරමුණ වූයේ කාන්තාව සතු නිදහස අහිමිකොට ස්වාධීන තීරණ ගැන්මේ අවස්ථා අහිමි කිරීමයි. එය සිය ආධිපත්‍යය කුඩාම සමාජ ඒකකය සේ සැලැකිය හැකි පවුල් ඒකකය තුළින්ම තහවුරු කිරීමේ අටියෙන් ඇතිකරගත් සංකල්පමය බැද තැබීමක් සේ අපට පෙනෙයි. මෙය ඇත්තෙන්ම බුද්ධෝත්පත්තිය සිදුවූ සමයෙහි උත්තර භාරතීය සමාජයෙහි වූ වෛදිකාගමෙහි කාන්තාවට හිමිකර දුන් තත්වය පිළිබද ලුහුඩු හදුනාගැනීමකි.
පශ්චාත් වෛදිකාගමෙහි මූලික පදනම වූ නිර්මාණවාදී ආගමික චින්තාවට එදිරිව යමින් බිහිවූ නව දාර්ශනික මතවාද රැසකි.අපි ඒ සියල්ලම පොදුවේ ශ්‍රමණාගමික සංස්ථාව ලෙස හදුනාගනිමු. කාන්තාව පිළිබද ශ්‍රමණයෝ කෙබදු ආකල්පයක් දැරුවේද යන්න මෙහිදී සොයා බැලිය යුතුවන්නේ බුදුරදුන්ද ශ්‍රමණ සම්ප්‍රදායෙහිම එක් නියෝජනයක් වීමත් බුදු සමය පහළවීමට පෙරාතුව විවිධ ශ්‍රමණ ගුරුකුල රැසක් සිය ආගමික චින්තාවන් තුළ කාන්තාව පිළිබද අවධානය යොමුකර ඇති හෙයිනුත් ය. ඒ අනුව පශ්චාත් වෛදික බමුණන් නොදුන් ආගමික,සාමාජීය නිදහස ශ්‍රමණයින් විසින් කාන්තාවට ලබා දී ඇත. මුලින්ම ශ්‍රමණ සම්ප්‍රදාය ආරම්භ කළ බවට අප පිළිගනු ලබන්නේ වෛදික වර්ණහේදවාදී නාමකරණයට අනුව කිවහොත් 'ක්ෂත්‍රියයන්' විසිනි. ක්ෂත්‍රියයන් යනු පාලන කාර්යයන්ට සම්බන්ධ වූ එකල 'රජ' යන නමින් හදුන්වනු ලැබූ සියල්ලන්මය. මුලින්ම තාපසයින් නමින් ශ්‍රමණ කණ්ඩායමක් සිටි අතර තාපසියන් ද වනගතව ආධ්‍යාත්මික කටයුතු කළ බව කතා පුවත් අනුව හදුනාගත හැකිය. එසේම පරිව්‍රාජකයින් නමින් තවත් ශ්‍රමණ කණ්ඩායමක් වූ අතර එහි කාන්තා නියෝජනය පරිව්‍රාජිකාවන් විය. බුද්ධ කාලීන කතා ප්‍රවෘත්ති රාශියකින්ම පරිව්‍රාජිකාවන් පිළිබද තොරතුරු ලද හැකිය. ඇතැම් පරිව්‍රාජිකාවන් වාද කොට පැරදී බුදු සසුන පිළිගත් බවට සාක්ෂි එමටය. ජෛන වර්ධමාන මහාවීරතුමන්ගේ ජෛනාගම තුළද කාන්තා පැවිද්දක් පැවැති අතර ඔවුන් ජෛන සාධුවරියන් විය. මේ අනුව ශ්‍රමණයින් සිය ආගමික චින්තාව කුමක් වුවත් කාන්තාවට ආගමික වශයෙන් පැවිද්ද හිමිකරදී සිදු කර ඇත්තේ සුවිශාල සමාජ පරිවර්තනයක් බව පැහැදිලිය. ඒකදේවවාදී පශ්චාත් ආගමික චින්තාව නොපිළිගන්නා හෙයින් චතු වර්ණයටම අයත් වනිතාවන් ශ්‍රමණ සංස්ථාවට ඇතුළත්ව පැවිද්ද ලැබීම තත්කාලීන බ්‍රාහ්මණ චින්තනය දෙදරායෑමට හේතුවූවා නිසැකය. එසේ නම් බ්‍රාහ්මණ බලය මෙසමය වනවිට හීනවී තිබූ බව ද එහෙයින් සිය අභිමතය පරිදි වෙනම ආගමික පදනමක් තුළ සංවිධානයවීමට තාපස,ජටිල,පරිව්‍රාජක,නිඝණ්ඨ ආදී පිරිස් වෙත අවකාශ උදා වූ බව කල්පනා කිරීම වරදක් නැත. නමුත් එසේ අවකාශයක් විවරවූයේ කෙසේදැයි යමකුට සිතීමට ඉඩ ඇත. අපගේ අදහස අනුව නම් නීතිය ක්‍රියාවට නගන පිරිස ක්ෂත්‍රියයන් වූ නිසා ඔවුන් ශ්‍රමණ කණ්ඩායම් බිහි කිරීමට පුරෝගාමීවීමක් තුළ බ්‍රාහ්මණයින්ට බලපෑම් කිරීමේ හැකියාව අවම වූ බවයි. එසේ නොවෙතත් ක්ෂත්‍රියයන් වර්ණ ධර්ම නිසා පීඩනයට ලක්වීමත් බමුණන්ගේ බලපෑමට යටත්ව සිය පාලන කටයුතු ගෙනයාමට සිදුවීමත් නිසා බිහිවන නව නිදහස්කාමී චින්තනයන්ට ඉඩ දී ඒවාට සහායදීම ද සිදුවූ බව පිළිගත හැකිය. අනෙක් අතින් රජකුල කතුන් යනු බලයලත් පිරිසකි. ඔවුන් බමුණන්ගේ සාම්ප්‍රදායික ආගමික චින්තාව අනුව යමින් ගේ මුල්ලට වී ස්වාමියාගේ දැඩි ග්‍රහණයෙන් මිරිකී සිටීමට කැමතිවූවා සේ සිතීම දුෂ්කරය. ඔවුන් නිදහසේ සිතීමට අවස්ථාවක් එන තුරු බලා සිටින්නට වූ බව අපගේ අදහසයි. එහෙයින් රජකුල කතුනගේ කැමැත්ත නව ආගමික පරිවර්තනය කෙරේ ඍජුවම බලපෑ බවට සදහන් කළ හැකිය. සිදුහත් කුමරු ගිහිගෙන් අබිනික්මන් කරන්නේද යශෝධරාවගේ කැමැත්ත ඇතිව ය. එය අපට මෙහිදී සමීපතම නිදසුන ලෙස හදුනාගනිමු. මනුස්මෘතියේ සදහන් ක්ෂත්‍රිය ස්වධර්මයක් වන්නේ කාමයන්ගේ විශයාක්ත නොවීමයි. මෙවැනි බන්ධන තුළින් නිදහස්ව සිය අභිමතය අනුව ක්‍රියා කිරීමට රජවරුත් රජ බිසෝවරුත් කැමැත්තක් දක්වන්නට ඇත. එහි අවසන් ප්‍රතිපලය ලෙසයි කාන්තාවගේ නිදහස අගය කළ නව ආගමික ප්‍රවණතා බිහිවන්නේ.
ඒ අනුව බුදුරදුන්ගේද අවධානය කාන්තාවන්ගේ විමුක්ති සාධනය පිළිබද යොමු වූ අතර මාරයා විසින් පිරිනිවන්පාන්න යනුවෙන් කළ ඉල්ලීම ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කළ බුදුරදුන් ඊට හේතු වශයෙන් කරුණු දැක්වීමේදී භික්ෂු,භික්ෂුණී,උපාසක,උපාසිකා යන සිව් පිරිසෙහි අභිවෘද්ධිය පිළිබද අපේක්ෂා සහිත බවක් දක්වයි. එයන් ගම්‍යවන්නේ ශාස්තෘවරයකු ලෙස බුදුරදුන් පුරුෂ පක්ෂයට සේම කාන්තා පක්ෂයටද සමාන වූ ඉඩක් ශාසනාරම්භයේදීම විවර කළ බවට ස්ථවිර සංඝයා විසින් සම්මතයෙන් තීරණය කළ බවකි. සම්මා දිට්ඨිය අගයන දහමක් ලෙස මවත් පියාත් විශේෂ ගුණ ඇති ගරු බුහුමනට නිසි බව බුදු සමය පිළිගනු ලබයි. ජාතක කතා සාහිත්‍යය තුළ ද මවට කළ සැලකීම් පිළිබද සහ මව් අගයන අවස්ථා එමටය. බුද්ධත්වයට පවා මවගේ ආශිර්වාදය අවශ්‍යබව මාතු පෝසක ජාතකයෙන් කියැවෙයි. විශේෂයෙන්ම මවටත් පියාටත් සැලකීම සමාජ සාරධර්ම ඇගයුමට ලක් කරන බුදු සමය තුළ නිතර පෙන්වා දෙයි. මවටත් පියාටත් උපස්ථාන කිරීම මංගල කරුණක් ලෙස අගයන්නේ එහෙයිනි. වයස්ගත මව්පියන්ට කරුණු පහකින් යුතුකම් ඉටුකිරීම දරුවන් සතු යුතුකමකැයි සිගාලෝවාද සූත්‍රය පෙන්වාදෙයි. එසේනම් බ්‍රාහ්මණයින් විසින් තත්කාලීන සමාජයේ පතුරුවා තිබූ පීතෘමූලික ආධිපත්‍යය හා බැදි සංකල්පවලට ඉදුරාම වෙනස් මතයක් බුදුසමය අනුගමනය කර ඇති බැව් පැහැදිලිය. විශේෂයෙන්ම දියණියක් ඉපදීම බමුණු සංකල්පයන්ට අනුව අසුභ සංකේතයක් වූ බව කොසොල් රජු දියණියක ඉපදීම පිළිබද දුර්මුඛවීමෙන් පෙනෙයි. මෙහිදී බුදුරදුන් පලකළ අදහස වූයේ නුවණ ඇති ශීලසම්පන්න නැදිමයිලන්ට සලකන පතිවත රකින ස්ත්‍රිය ශ්‍රේෂ්ට වන බවයි. එවැන්නියකට උපදින පුතු දක්ෂ වන බවයි. දිශාවන්හි පාලනයට හා රාජ පාලනයට ඔහු සුදුසු වන බවයි. මෙහිදී බුදුරදුන් පෙන්වාදී ඇත්තේ මාතෘත්වයේ සහ ගුණවත් සංවරශීලී පතිනියක සමාජ ගෞරවයට නිසි බවකැයි අපේ අදහසයි. බුදුසමයේ මේ අදහස නිසා සමාජයේ කොතරම් නම් දූවරු සිටින පියවරුන් අප සංස්කෘතිය තුළ සැනසුණාදැයි ගිණිය නොහැකිය. දුවක් ඉපදීම අපවාදයට හේතුවූ කරුණක් වූ පශ්චාත් බ්‍රාහ්මණ සංස්කෘතිය තුළ කොතරම් මවුවරුන් සැනසුනාදැයි ගිණිය නොහැක්කේම ය. එසේනම් බෞද්ධ ප්‍රතිපත්තීන් තුළ මුලින්ම ඇගයුමට ලක් කරන්නේ පවුල තුළ දියණියක්, බිරියක්, මවක් ලෙස ඇය ගෞරවණීය තැනැත්තියක ලෙස පිළිගත යුතු බව යැයි අපගේ අදහසයි. කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් පාරට බැස උද්ඝෝෂනය කළයුතුයැයි පිළිගන්නා නූතන ඊනියා බටහිර සංකල්ප සාධාරණය කරනා පිරිස් වෙත බුදුසමය ඉදිරිපත් කරන අවිහිංසාවාදීවූත් ඍජු ප්‍රායෝගික යථාර්ථය උගතයුතු පාඩමක් වන බව අපේ හැගීමයි. **
(** "_බෞද්ධ සංස්කෘතිය තුළින් ප්‍රකට වන කාන්තාව_ 01 " යන මැයෙන් වන මෙය ලිපි පෙළක පළමුවැන්නයි. විචාරශීලී ලිපි පෙළක් වන මෙය සංවාදයට විවෘත ය. )

_______බුදුරදුන්ගේ මහා කරුණාව______ 01
බුදුවරු සතු අප්‍රමාණ ගුණ කදම්භයන් දෙකකි. ඒ මහා කරුණාව සහ මහා ප්‍රඥාවයි. සමස්ථ බුද්ධ වචනය දිගහැරෙන්නේ මේ මූලික ලක්ෂණද්වය මත පදනම්වයි. එයින් මෙහි අපගේ අරමුණ වන්නේ බෞද්ධ සංස්කෘතිය හැඩගැසීම කෙරෙහි මහා කරුණාව නැමැති උත්තරීතර ගුණය කොතරම් බලපෑවේද යන්න පිළිබද විමසීමට ලක් කිරීමයි.
අනුන්ගේ දුකකදී සාධු ජනයාගේ සිතෙහි උපදින්නාවූ කම්පනමය ස්වභාවය කරුණාව යනුවෙන් පැරැණි යතිවරු අරුත් කීහ. නමුත් බුද්ධත්වයට පත් උතුමන් තුළ ඇත්තේ කරුණාවක් නොව මහා කරුණාවකි. කරුණාවෙන් මහා කරුණාව වෙනස් වන්නේ සියල්ලන් කෙරේ එක සමානව පැතිරුණ අචලවූ කාරුණික බවක් බුදුවරුන් සතුවීම නිසාවෙනි. එය බුදුවරුන්ට පමණක් වන නිසා අසාධාරණ ධර්මයක් ලෙස විද්‍යමාන වෙයි. සමාජයේ ඉහලම තලයේ පටන් අන්ත අසරණ දිළින්දා දක්වා බුදුරදුන්ගේ මහා කරුණාව එකසේ හිමිවූයේ එබැවිනි. ඇත්තෙන්ම බුදුවරු වූ කලී මග කියාදෙන්නෝය. ඒ මග කියාදෙන්නේම සංසාර දුකින් සත්වයන් එතෙර කරවීම පිණිසමය. ඒ අරුතින් ද බුදුවරුන් යනු කරුණාවේ උල්පතකි. සෑම උදයකම අලුයම මහා කරුණා සමාපත්තියෙන් බුදුරදුන් ලෝකය දෙස බලා පිහිට වූවෙකු ඇද්දැයි බුදු නුවණින් විමසා බලයි. මෙහිදී දුකට පත් සෑම කෙනෙක්ටම තමන් වහන්සේ ඍජුවම ඒ තැනැත්තා සොයාගොස් පිහිටවීමක් සිදුවූ බව අපගේ පිළිගැනීම නොවේ. මක්නිසාදයත් එසේ සෑම කෙනෙකුටම පිහිටවීම ප්‍රායෝගික නොවන බැවිනි. මෙහිදී අපට පෙනෙන්නේ බුදුරදුන් එසේ මහා කරුණාවෙන් පිහිට වූ සෑම පුද්ගලයෙකුම කිසියම් ආධ්‍යාත්මීය දියුණුවක් ඇතිකළ හැකි අය වූ බවයි. එම නිසා බුදුරදුන්ගේ මහා කරුණාව යොමු වූයේ සුදුසුම පුද්ගලයාටයි. ඉක්මනින්ම ධර්මාවබෝධය ලැබිය හැකි තැනැත්තාටයි. කුමක් නිසා එසේ වන්නේද යත් සාංසාරික දුකින් අතමිදීමට පිහිටවීම තරම් උතුම් වූ තවත් කාරුණික බවක් දැකිය නොහැකි බැවිනි. සමාන්‍ය මනුෂ්‍යයන් වන අපගේ කරුණාව සීමා සහිත එකකි. එය හුදෙක් අප දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, දූ දරුවන්, ඥාතීන්, හිතමිත්‍රයින්, අපගේ සිත් දිනාගත් වෙනත් පිරිස් ආදීන් වෙත පමණක් යොමු වූවක් වෙයි.එහෙයින් එය කරුණාව නමින් හදුන්වමුු. නමුත් බුදුරදුන්ගේ කරුණාව තමන් වහන්සේට සමීප අයට මෙන්ම විරුද්ධවාදීකම් කළ අයට ද එකසේම විය. එහෙයින් එය කරුණාව නමින් හදුනාගැනීම දෝෂ සහිතය. බුදුරදුන් සතු කරුණාව 'මහා කරුණාව' නමින් හදුනාගන්නේ මේ නිසාය. තමන් වහන්සේට නොයෙක් වධ බන්ධන පැමිණවූ දේවදත්තටත් සොරෙක්, අපරාධකරුවෙක් ලෙස හැදින්වූ අංගුලිමාලටත් රා බී මත්ව චණ්ඩ පරුෂ ලෙස තමන් ඉදිරියට පැමිණි ධනපාල නම් ඇත් රජාටත් තමන් වහන්සේගේම ලෙයින් ජාතකව ගිහි කල පුත්‍රයා වූ රාහුල කුමරුන්ටත් සමාන වූ කරුණාවක් බුදුරදුන් තුළ පැවැති බැවින් උන්වහන්සේ මහා කාරුණිකයාණන් වන සේක.
සමාජයේ ඉහළම තලයක සැප විදි රාජ රාජ මහාමාත්‍යයන් සහ රජ බිසෝවරුන් මෙන්ම අන්ත දුක් විදි තත් කාලීන සමාජයේ පහත් කොට සැලකූ අනුන්ගේ බැලමෙහෙකම් කිරීමම ජීවිකාව කර ගත් සැඩොල් කුලේ පිරිස් වෙත මෙන්ම සමාජගත ජීවිතය තුළ විවිධාකාර තාඩන පීඩනයන්ට ගොදුරු වූ අසරණ මිනිසුන් හා ගැහැණුන් ද සමාජ සම්මතයෙන් ගැරහුමට පාත්‍ර වූ අන්‍ය දනන්ගේ කාම රතිය පිණිස සිරුර විකුණූ ගණිකාව දක්වා බුදුරදුන්ගේ කරුණා නෙත විවර විය.නමුත් එපමණකින් බුදු කරුණාව විශ්වය තුළ සීමා වන බවක් අපට නොපෙනෙයි. දෙව් බඹුන් කෙරෙහි පවා නිතොර පැතිරුණ කරුණා මහිමයක් බුදුරදුන් තුළ විය. මාතෘ දිව්‍ය පුත්‍රයාට දම් දෙසන්නට තුෂිත පුර වඩින්නේ එහෙයිනි. සිය අනුගාමිකයින් බුද්ධ වචනය ඉක්මවා ධර්ම විනය අරඹයා වාද විවාද කරමින් සිටියදී හුදෙකලාව වනගතව පාරිලෙය්‍ය ඇතු සමීපයේ වැඩහුන් බුදු හිමියන් ආපසු වැඩිය පසු ඒ ඇත්රජුගේ වියෝව සිදුවූ අතර දෙව්ලොව ඉපදුණු බව සදහන් වෙයි. ඉන් අපට ගම්‍යවන්නේ මේ මහා කාරුණිකයාණන් සමීපයේ සිටි තිරිසන්ගත සත්වයින් පවා මහා කරුණා ගුණ කදම්භය අවබෝධ කරගත් බවකි. මට්ටකුණ්ඩලී කතා පුවතේ මසුරු පියාගේ සෙවණ නොලැබූ මට්ටකුණ්ඩලී පුතු බුදුරදුන්ගේ මහා කරුණාවෙන් ස්වර්ගගාමී වූ බවකි. එසේම රජ්ජුමාලා යනු තවත් බුදු කරුණාවෙන් සසර දුකින් මිදුණු කාන්තාවක් වෙයි. මැය නිවසක මෙහෙකාර කතක් වූ අතර ස්වාමිදියණියගෙන් නොයෙක් අතවර වලට මුහුණ පෑ අසරණියකි. තත්කාලීන සමාජ සම්ප්‍රදායන්ට අනුව මෙහෙකාරියක වධ බන්ධනයන්ට ලක්වීම සාමාන්‍ය සිදුවීමක් වූ අතර ඇයගේ දුක්ගැනවිල්ල අසන්නට කවුරුත් ඉදිරිපත් වූ බවක් නොපෙනෙයි. ඇය සිය දිවි නසාගැනීමට තැත් කරන්නේද මේ මානසික පීඩාකාරීබව නිසාම විය යුතුයි. ගෙල වැලලා ගැනීමේ අරමුණින් සිටි ඇයට බුදුරදුන් කාරුණික පියෙකු මෙන් අමතා ඇයව බුද්ධශ්‍රාවිකාවක් බවට පෙරැලීය. මෙවැනි සිදුවීම් තුළ අප බුදුරදුන්ගේ මහා කරුණා ගුණය හා බැදි අවශේෂ විශිෂ්ට ගුණාංග රැසක් හදුනාගනිමු. ඒ අනුව බුදුරදුන්ගේ කාරුණික වදන් මෙන්ම කාරුණික කතා විලාසය දුකට පත් තැනැත්තන්ගේ සිත් නිවී සැනසීමට හේතුවූවා නිසැකය. එසේම නිර්මල වූ විශිෂ්ට චරිතයක් හා පැතිරුණු ගුණ ඝෝෂාවක් තිබීම බුදුරදුන් පිළිබද දුටුවනම පැහැදීමට හේතු වූවා විය හැකිය. කිසාගෝතමිය දරුවා මළ සොවින් මැරුණු බව අදහාගත නොහැකිව බේත් සොයා පැමිණි තවත් අසරණ කතකි. බුදුරදුන් එවේලේ ඇයට ප්‍රකාශ කරන්නේ දරුවා සුව කළ හැකි බවයි. සුව කිරීමට නම් නොමළ ගෙයකින් අබමිටක් රැගෙන එන ලෙස දන්වයි. එයින් පෙනෙන්නේ දුකට පත් තැනැත්තාට දුක නිවන මග පෙන්වීමට පෙර දුක නැති කළ හැකි බවට විශ්වාසයක් ඇතිකිරීමයි. නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්න යැයි ප්‍රකාශ කළේ තමාටම යථා තත්වය තේරුම් ගැනීමට සැලැස්වීමකි. මෙසේ ඇදිවත පවා අහිමිව බුදුරදුන් හමුවට පැමිණි පටාචාරාව ද සිය පවුලම විනාශවී වියරුවෙන් පැමිණි කතකි. ඇය එන මග වැලැක්වීමට මිනිසුන් කටයුතු කළ නමුත් බුදුරදුන් ඇයට ධර්මය දේශනා කරයි. ඒ දහම ඇසීමට බුදුරදුන් ජනතා විරෝධය මැද ඇයට ඉඩ හසර විවර කරන්නේ එය සදහටම ඇගේ දුක නිවෙන දේශනාව යැයි දන්නා බැවිනි. එබැවින් යමෙකුට කරුණාව දැක්වීමේදී කටයුතු කළ යුතු අන්දම සිය ආදර්ශයෙන් බුදුරදුන් ප්‍රකට කර ඇත. අසරණ තැතනැත්තා පිළිබද මනා අවබෝධයක් තිබිය යුතු බව අපට පෙන්වයි. ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම් එකිනෙකට වෙනස්ය. එබැවින් කරුණාව දක්වන්නා ස්ථානෝචිතව කටයුතු කළ යුතුය යන්න බුදුරදුන්ගේ මහාකාරුණික ශාස්තෘත්වය අපට පෙන්වා දෙයි.
මනුෂ්‍ය සමාජයට පමණක් නොව බුදු සමයේ ඉගැන්වීම වන්නේ සමස්ථ සත්ව ප්‍රජාව වෙතම කරුණාව පැතිරවිය යුතු බවකි. බුදුසමය අනුමත කරන සමථ භාවනාවක් ලෙසත් කරුණාව ප්‍රගුණ කිරීමට ශ්‍රාවකයින්ට උගන්වයි. ඒ අනුව තමා මෙන්ම සියලු සත්වයින්ද නිදුක් වෙත්වා ! නීරෝගීවෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! යන උතුම් කාරුණික සංකල්ප නිතර පුරුදු පුහුණු කර ගැනීමට බුදු සමය උපදෙස් දෙයි. ඒ තුළ ගොඩනැගෙන්නේ සමානාත්මතාවයයි. බුදුරදුන් සිය ආදර්ශයෙන් ප්‍රකට කළේ භේද නැතිව යමෙකුට පිහිටවීමයි. සමාජ සම්මතයන්ගෙන් උසස් මෙන්ම පහත්යැයිද සම්මත මිනිසුන් කෙරෙහි බුද්ධ කරුණාව යොමු කළේ එහෙයිනි. අචිරවතී ගග අද්දර කුඹුරු කළ ගොවියා බමුණෙකි. බමුණා සමග සමීප ඇසුරක් ගොඩනගා ගත් බුදුරදුන් ඉතා කුලුපග යහලුවකු බවට පත් විය. මේ ඇසුර ඉතා කුලුපග යැයි හැගෙන්නේ අස්වනු කැපීමට පෙරදින කඩාහැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා කෙත පාලුවී ශෝකයෙන් සිටි ඔහු කීවේ කුඹුර පාලු වූවාට වඩා බුදුරදුන්ට අස්වැන්නෙන් කොටසක් ලබාදීමට අපොහොසත් වීම තමාට වේදනාවක් වන බවයි. අවස්ථාව එළඹුණු කල දහම් දෙසූ බුදුරදුන් බමුණු ගොවියා සිය ශ්‍රාවකයෙකු බවට පත් කරයි. මෙයින් පෙනෙන්නේ බුදුරදුන් තුළ පැවැති උපාය කෞෂල්‍යයෙන් පිරි මහා කාරුණික බව කුලමානය වැනි සමාජය තුළ බැසගත් නොගැලපෙන සම්මතයන් පවා අභිබවමින් ප්‍රඥා මාවතට මිනිස් සිත යොමුකරලීමට හේතු වූ බවකි. සොරකමට හසුවූ ගොවියාගේ කතාවෙන්ද බුදුරදුන් උපාය කෞෂල්‍යායන් යුතුව ඔහුට පිහිට වූ බව අපගේ අහහසයි. එහිදී සිදුවූ සියල්ල නුවණින් දැනගත් බුදුරදුන් ගොවියාට කිසිත් නොකියාම අනද තෙරුන් අමතා 'ආනන්ද සර්පයා දුටුවෙහිදැ'යි විමසයි. අනද හිමියන් හා බුදුරදුන් අතර ඇතිවූ මේ සංවාදය ගොවියාට ජීවිතය බේරා ගැනීමට මග විය. මක්නිසාද යත් බුදුරදුන් විසින් සියල්ල ප්‍රකාශ කර තිබුණානම් ගොවියා විසින් එය රජුට එලෙසම ප්‍රකාශකරනු ඇත. නමුත් රජු මෙවැනි අසරණ ගොවියකුගේ කියමනක් පිළිගත නොහැකිව මරණ දඩුවම පවා ලබාදෙනු ඇත. එබැවින් මෙහිදී කිසිවක් නොදත් ගොවියාට වූයේ තමාගේ නිදොස් බව ප්‍රකාශකරනුවස් බුදුරදුන් හා ආනන්ද තෙරුන් සාක්ෂි වශයෙන් තැබීමටයි. බුදුරදුන් විසින්ම රජුට කරුණු පැහැදිලිකර දීම මේ අසරණ ගොවියාගේ ජීවිතය බේරීමට හේතුවිය. **
(**_______බුදුරදුන්ගේ මහා කරුණාව______ 01 " යන මැයෙන් වන මෙය ලිපි පෙළක පළමුවැන්නයි. විචාරශීලී ලිපි පෙළක් වන මෙය සංවාදයට විවෘත ය. )
------- අරෝෂ සමරසේකර -------
------- අරෝෂ සමරසේකර -------
Subscribe to:
Posts (Atom)